සෞදි අරාබියේ ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් විදෙස් ශ්‍රමිකයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට

fireසෞදි අරාබියේ නිරිතදිග නජ්රාන් නගරයේ විදෙස් ශ්‍රමිකයන් පිරිසක් නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම ශ්‍රමිකයින් පිරිස නින්දේ සිටින විට ගින්න හට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. මෙලෙස මිය ගොස් ඇත්තේ බංග්ලාදේශ සහ ඉන්දීය ජාතික පිරිසක්. ගින්නත් සමග ඇති වූ දුමාරයෙන් හුස්ම ගැනීමට නොහැකිව මොවුන් මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.