හංස පුට්ටුව ගැලවීමට රනිල් හීන් නුලෙන් වැඩ

ranil-wඉදිරි කාලයේ එළඹෙන පළාත් පාලන මැතිවරණයට එජාපය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව හංසයා ලකුණින් තරගවැදීම සම්බන්ධ යෝජනාවක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එම මන්ත‍්‍රීවරුන්ට යෝජනා කර ඇති බවට අනාවරණය වේ. තම පක්ෂයේ මන්ත්‍රීවරුන් ලවා සම්මුතිවාදය පරාජයට පත් වූ විට තනි පක්ෂ පාලනයකට මග පාදා ගැනීම රනිල් ගේ උපක්‍රමය විය. එය සාර්ථක වී ඇත.

එජාපයේ මන්ත‍්‍රීවරු මෙම යෝජනවාට දැඩිව විරෝදය පා ඇති අතර නැවත කිසිදු දිනක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග හවුල් මැතිවරණයකට තරග නොවදින බව ද ආණ්ඩුවක් කිරීමට අකමැති බව ද පවසා ඇත. විශේෂයෙන් එජාපයේ පසුපෙළ මන්ත‍්‍රීවරු හවුල් ආණ්ඩුව පිළිබඳ දැඩි කල කිරීමෙන් සිටින මෙවන් වකවානුවක අගමැති වරයාගේ ඉල්ලීම ලත් තැනම ලොප් වී ඇති බවයි අනාවරණය වන්නේ.

එහෙත් අග‍්‍රාමාත්‍යවරයා මේ පිළිබඳ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්චා කිරීමට අපේක්ෂාවකින් පසුවන බවත් මෙවැනි යෝජනාවකට එම පක්ෂය ද කිසිසේත් එකග නොවීමට ඉඩ ඇත. මේ වන විට ශ්‍රීලංකා නිදහස් පක්ෂයද ශක්තිමත් වෙමින් පවතී. ඒකාබද්ධයේ අභ්‍යන්තර ගැටුම් ඇතිවී තිබෙන අතර කීපදෙනක්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයට එක වීමට නියමිතය. තමන්ට අභියෝගයක් නොවන තරමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කොට ඒකාබද්ධය පරාජය කිරීමට එජාපය කටයුතු කරනු ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.