හංස සන්ධානයකින් මැතිවරණයට යා හැකිද?

ඉදිරි මහ මැතිවරණයටත් 'හංසයා' සන්ධානයකින් !

 

 

දින සියයක වැඩසටහනින් අනතුරුව පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙදී , එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු සන්ධානයකින්  ‘හංසයා’ ලකුණින් තරඟ කිරීම සම්බන්ධයෙන් මේවනවිට දෙපාර්ශවය අතර සාකචාජා කරන් බව වර්තා වේ.

රටේ මුලික ප්‍රශ්න විසඳීම සඳහා රටේ ප්‍රධාන පක්ෂ දෙක ජාතික ආණ්ඩුවක් ලෙස වසර කිහිපයක්  රට පාලනය කිරීම අතිශයින් වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහස වී ඇති බවයි  අළුත් ආණ්ඩුවට හිතවත් වෙබ් මුල්ශ්රයක් කියා සිටින්නේ

තමාට ජනාධිපතිවීමට විශාලම උපකාරය කල එජාපය හා තමා නායකත්වය දරන ශ්‍රීලනිපයදින සියයකින් පසු පැවැත්වෙන මහ මැතිවරණයකදී වෙන වෙනම තරඟ  කිරීමට සිදුවුවහොත්, පසු ගිය ජනාධිපතිවරණයේදී  රටේ සමස්ත වෙනසක් වෙනුවෙන් ඡන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තු බිඳවැටිය හැකි බව ද ජනාධිපතිවරයාගේ මතය බව කියැවේ

 

 

 

 

download (97)

ප්‍රජතන්ත්‍රවාදය

මේ යෝජනාව සමගිය සහ  එකඟතාව පිලිබඳ දැක්මකින් බලන කල ආකර්ෂනීය වුවත් ප්‍රජතන්ත්‍රවාදය පිළබඳ දැක්මකින් බලන  කළ ගැටලුකාරී බව විචාරකයෝ පෙන්වාදෙති.

ශක්තිමත් විපක්ෂයක් වෙනුවට නාමික විපක්ෂයක් ඇතිවුවහොත් ආණ්ඩු පක්ෂය තමන්ට රිසි නොවන මත පාලනය කරන අයෝමය හස්තයක් බවට පත් විය හැකිය.

සිංගප්පුරුව වැනි රටවල් වල ඇත්තේ මෙවැනි ආණ්ඩුවකි.සිංගප්පුරුව ඒකමතික ආණ්ඩුවක් පවත්වා ගෙන යන නිසා සතුටුදායක ආර්ථික වර්ධන වේගයක් පවත්වා  ගෙන යන නමුත්  පාලනය දැඩි හෙයින් ප්‍රකාශනයේ නිදහස සීමිතය.

කෘතීම එකඟතාවක්

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු සන්ධානයකින් තරඟ කිරීම  යනු පාලක පංතියේ ඉහළ තීරුව ඇති කරගන්නා කෘතීම එකඟතාවක් විය හැකිය.

මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යම් යම් දේට එකඟ වූ පමණින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට සහ එක්සත් ජාතික පාක්ෂිකයාට  හැමදේටම එකඟ විය නොහැකිය.

 

download (98)

 

ඉඟුරු සහ  මිරිස් යන දෙකම සැරය

විධායක ජනාධිපති තනතුර අහෝසිකිරීමට ජනතාව ඡන්දය දුන්නේ එක තැනකට බලය කේන්ද්‍රගතවීමෙන්  හෙම්බත් වී සිටි නිසාය.දැන් ඒ වෙනුවට වෙනත් ක්‍රම වලින් බලය

කේන්ද්‍රගත කර් ගත හොත් ජනතාවට සිදු වන්නේ ඉඟුරු දී මිරිස් ගැනීමටයි. රනිල්ට සහ මෛත්‍රීට සිදුවන්නේ මහින්ද රාජපක්ෂට සිදුවුදේමය.

ඉඟුරු සහ  මිරිස් යන දෙකම සැරය ඒ නිසා ජනතා කැමැත්ත  ඉහළින් ඇති කර ගන්නා ගනු දෙනු වලින් යටපත් කල නොහැක.

පක්ෂ නායකයින් සර්ව බලධාරී

 

හංස සන්ධානයකින් පක්ෂ දෙක එකට තරඟ කළහොත් ඒ සන්ධානයට විශාල ඡන්ද සංක්‍යාවක් ලැබෙනු ඇත.මන්දයත් ඡන්දදායකයාට ඇති විකල්ප සීමිත වන හෙයිනි.

මේ තුල විකෘති ගණනාවක්ම හටගනු ඇත. ශ්‍රී ලංකාවේ පක්ෂ වල නාමයෝජනා දෙන්නේ පක්ෂයේ සාමාජිකයින්ට අවශ්‍ය ආකාරයට නොවේ එවැනි තත්වයක් තුල හංස සන්ධානය පක්ෂ නායකයින් සර්ව බලධාරී කරනු ඇත.එය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පවත්වා ගෙන ආකාරයෙන් ලබාගෙන ඇති බලධරිත්වයට සම වෙනු ඇත.

 

sri-lanka-parliament-fight

අවශ්‍ය නම් සභාගයක්

වෙනමම තරඟ කොට අවශ්‍ය නම් සභාගයක් ගොඩ  ගත හැකිය. රංජන් රාමනායක මන්ත්‍රීවරයා වරක් කීවා සේ පාර්ලිමේන්තුවේ  හම පැත්තේම තක්කඩින්ය.

මේ පිරිස එකම් ගොඩක සිටීමත් හොඳ මදිය.

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.