හකීම් -දයා ගමගේ ගැටුම දුර දිග යයිද?

daya_gamage

තමන් ගැන විශ්වාසය තැබූ මුස්ලිම් ජනතාව විකුණාගෙන කමින්, ජාතිවාදය අවුස්සමින්, බොරු පොරොන්දු දී පාර්ලිමේන්තුවට ගොස් මහින්ද රාජපක්ෂ සමඟ එක්ව කැබිනට් ඇමති ධූරයක් ද ලබාගෙන ඔවුන් පාවා දුන් රවුෆ් හකීම් නැගෙනහිර මුස්ලිම් ජනතාවට කර ඇති සේවය කුමක්දැයි එජාප ජාතික සංවිධායක දයා ගමගේ ප්‍රශ්න කොට සිටී.

හකීම්ට එරෙහිව ඊයේ කල්මුනේ මුස්ලිම් ජනතාව පැවත්වූ විරෝධතාව සම්බන්ධයෙන් දයා ගමගේ කියා සිටියේ  බේරුවල මුස්ලිම් ජනතාවට පහර දෙන විට, පොතුවිල් මුස්ලිම් ජනතාවගේ ඉඩම් කොල්ල කන විට, කරවලයිමුත්තු පල්ලියට මුස්ලිම් ජනතාවට යෑමට නොදී එය කඩා බිඳ දමන විට ඒ එකදු සිද්ධියකට හෝ එරෙහිව වචනයක් හෝ කථා නොකළ හකීම්, තමාගේ වාසියට පමණක් කටයුතු කරන, මුදලට විකිණෙන ගණිකාවට සමාන කළ හැකි බවයි.

පසුගිය නැගෙනහිර පළාත් සභා ඡන්ද විමසීමේදී මහින්ද රාජපක්ෂට පාඩමක් ඉගැන්වීම සඳහා ඡන්දය දෙන්නැයි කියා සිටි ඔහු මුස්ලිම් ජනතාව පාවා දුන් රාජපක්ෂගේ තැරැව්කරුවෙකු පමණක් බව ද ඔහු පැවසීය.

මුස්ලිම් ජනතාවට සිදුවන අසාධාරණකම්වලට එරෙහිව සෑමදා නැගෙනහිර පළාත් සභාවේදී අදහස් දක්වන තමන් හකීම්ට ඇමති ධූරයක් ලබා දීම ගැන විරුද්ධ නොවන නමුත්, ඔහු මුස්ලිම් ජනතාව වෙනුවෙන් කළ සේවය කුමක්දැයි යන ප්‍රශ්නය තමන්ට තිබෙන බව ඔහු අවධාරණය කර සිටියේය.

මෙවැනි කරුණු සම්බන්ධයෙන් සිතා බලන විට කල්මුනේ ජනතාව සිදු කළ විරෝධය සාධාරණ බව කියා සිටි ගමගේ මහතා, හකීම් සම්බන්ධයෙන් වන නියම ජනමතය ඉදිරි සතියේ නැගෙනහිර පළාත් සභාවේදී දැන ගැනීමට ලැබෙනු ඇතැයි අවසන් වශයෙන් පැවසීය.

මේ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂය සහ මුස්ලිම් කොන්ග්‍රසය අතර  දුර දිග යන ආරවුලක් බට පත් වීමට ඉඩ  ඇත.

 

 

මුස්ලිම් ජනයා හකීම්ට එරෙහිව විරෝධතාවක

සිකුරාදා යාඥා මෙහෙයෙන් පසුව කල්මුනේ සයින්දමරුදු ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක හා ඇමති රවුෆ් හකීම්ට එරෙහිව විරෝධතාවකට එක වුහ.

දුර දිග යන ආරවුලක්

මෙහිදී ප්‍රශ්න කරන්නේ රවුෆ් හකීම් ගේ ජන පදනම පිළිබඳවයි එහෙත් දයා ගමගේ සතු සැබෑ ජන පදනමක් තිබේද යන්න ප්‍රශ්නයකි.

මීලගට එන මැතිවරණයේදී නැගෙනහිරන ජන පදනම පතා මේ ගැටුම හටගෙන තිබෙන බවක් දක්නට ලැබේ.

රාජපක්ෂ ආණ්ඩුවෙන් රවුෆ් හකීම් ඉවත්වෙන  විට ඔහු කියා සිටීයේ කියා සිටීයේ  එක්සත් ජාතික පක්ෂය සමග සමීප සම්බන්ධයකින් වැඩ කරගෙන යන බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.