හකීම් සහ රිෂාඩ් පළාත් පාලන පනතට විරුද්ධයි

rauff-rishadපළාත් පාලන ඡන්ද විමසිම් (සංශෝධන) පනත් කෙටුම්පත තුළින් සිය ජනතාවට ගැටලූ රැසක් මතුව ඇති බැවින් හෘද සාක්ෂියට එකඟව ඡන්දය දිය නොහැකි බව මුස්ලිම් ඇමතිවරු දෙදෙනෙකු පාර්ලිමේන්තුවේදි ඊයේ (24) ප්‍රකාශ කළේය. මුස්ලිම් කොංග්‍රසයේ නායක හා ජල සම්පාදන හා ජලාපවාහන ඇමති රාවුෆ් හකිම් මහතා ප්‍රකාශ කළේ තමන්ට ඡන්දය දිමෙන් වැලකී සිටිමට සිදුවන බවය. සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඩ් බදියුධින් මහතා කිවේ අකමැත්තෙන්වුවත් තමන්ට පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරිමට සිදුවන බවය.

පළාත් පාලන ඡන්ද විමසිම් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක් වෙමින් ඇමතිවරු දෙපොළ මේ බව කීහ. පනත් කෙටුම්පත අනුව ඡන්ද විමසිමේදි තම බල ප්‍රදේශවල මුස්ලිම් ජනතාවට බලවත් අසාධාරණයක් බවත් කොට්ඨාශ නිර්ණය කිරිමේදි තම ජනතාවගේ නියෝජිතයන්ට පළාත් පාලන ආයතනයට පත්විය නොහැකි ලෙස විෂමතාවයන් වන බවද ඇමතිවරු ප්‍රකාශ කළහ.

මේ සම්බන්ධයෙන් තමන් අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ බව කී රිෂාඩ් බදියුධින් මහතා ඔහු මෙය විසදන බවට පොරොන්දුවක් ලබා දුන් බවද කීවේය. ඇමතිවරයා මෙය විසදන බවට පොරොන්දුවක් දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු පැවසීය. මේ විරෝධය ඔස්සේ පළාත් පාලන ඡන්ද විමසිම් තව දුරටත්ව කල් දැමීමේ ඉඩක් විවර වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.