හදුන්කුරත් මරු කැඳවයි- ගෘහස්ථ වායු දූෂණය 3500 මරුට………….

joss-sticksවායු දුෂණය සිදුවන්නේ කර්මාන්ත ශාලා වලින්ම පණක් නොවේ .වායු දූෂණය පිළිබඳ කරන ලද පර්යේෂණ වලට අනුව නිවාස ආශ්‍රිතව සිදුවන ක්‍රියාකාරකම් හේතුවෙන් ද විශාල වශයෙන් මිනිසාට හානි සිදුවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය ඕ.ඒ.ඉලේපෙරුම මහතා පවසයි

ගෘහස්ථ වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වසරකට පුද්ගල මරණ 3500ක් පමණ සිදුවන බව යි ඔහි කියා සිටින්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව වායු දූෂණය හේතුවෙන් වසරකට ලෝකයේ පුද්ගල මරණ මිලියන 08ක් වාර්තාවන බවත් මිලියන 04ක් ගෘහස්ථ වායු දූෂණය හේතුවෙන් සිදුවන බව හෙළිදරව් වී ඇත.

‘වායු දූෂණය පිළිබදව ශ්‍රී ලංකාවේ නිසි පර්යේෂණ සිදුවන්නේ නැහැ. ඒ සදහා යොමුවන අවධානය ප්‍රමාණවත් නැහැ. වාහනවලින් පිට වන ඩීසල් දුම හේතුවෙන් පිළිකා ඇතිවන බව අද පැහැදිලිව හදුනාගෙන තිබෙනවා. ඇතැම් දුම් නාසය මගින් සිරුරට ඇතුල්වීම වළකා දැමුවත් ඉතා කුඩා අංශු පෙණහලුතුලට තැම්පත්වීමේ අවධානම ඉතා ඉහළයි. මයික්‍රෝන 10ට වඩා සියුම් අංශු ඉතා පහසුවෙන් පෙණහලු තුලට පිවිසෙනවා. ‘ යැයි මාධ්‍ය හමුවක් ඇමතු මහාචාර්යවරයා පැවසීය.ileperuma

අද වන විට දර ලිප්, දුම් ඇල්ලීම, හඳුන්කූරු, මදුරු නාශක දුම් ආදිය නිසා ගෘහස්ථව සිදුවන වායු දූෂණය ඉතා ඉහළයි. දර වලින් කුඩා අංශු වර්ග 370ක් පමණ වායු ගෝලයට මුදා හැරෙන බව හඳුනාගෙන තිබෙනවා. ගෘහස්ථව භාවිත කරන ගෑස් වලින් ද පිටවන ඇතැම් අංශු මිනිස් සිරුරට හිතකර නැහැ. මේ නිසා ආහාර පිසීමේදී වාතාශ්‍රය සහිත ස්ථානවල ලිප් සකස් කර ගත යුතුයි යැයි සම්මානිත මහාචාර්ය ඕ.ඒ.ඉලේපෙරුම මහතා පෙන්වා දෙයි

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.