හම්බන්තොට දී අශීලාචාර වුනේ කව්ද?……………..

hambantotaහම්බන්තොටදී ආයෝජන කලාපයට එරෙහිව ඇතිවූ උද්ගෝෂනයේදී අශීලාචාර ලෙස හැසිරුනේ ආණ්ඩුවද එසේත් නැති නම් උද්ගෝෂකයින්ද යන ප්‍රශ්නය මතු වී තිබේ. වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසන පරිදි උද්ගෝෂකයින් ගේ හැසිරීම අසීලාචාචාරය.

හම්බන්තොට සිද්ධියේදී කැරලිකරුවන්ට පුදුම නිදහසක් ලැබුණු අවස්ථාවක් බවත් ,ගල් මුගුරු අතැතිව පැමිණි පිරිස් පොලීසිය විසින් නොවැළැක්වූයේ නම් එම උත්සවයට සහභාගී වී සිටි අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාටත් ,චීන තානාපතිටත්, තමන් ඇතුළු අමාත්‍යවරුන්ටත් එහි පැමිණි මහජනතාවටත් විශාල අනතුරක් සිදුවිය හැකිව තිබූ බව ද ඇමැතිවරයා කියා සීටී.
නිදහස් මාධ්‍ය මේ අතර වාරේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියා සිටින්නේ හිරු රූපවාහිනී නාලිකාවේ ද්‍රෝන කැමරාව උදුරාගෙන
එහි දත්ත අඩංගු චිප් එක ඉවත් කොට එය යළි ලබා දීම හෙළා දැකිය යුතු කටයුත්තකි.

‘තෙවසරක ඇරඹුම’
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘තෙවසරක ඇරඹුම’ නම් සිය දෙවැනි පදවි ප්‍රාප්ති උත්සවය අමතමින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී කියා සිටියේ ‘හම්බන්තොටට එපා නම් කර්මාන්ත ශාලා පො‍ළොන්නරුවට දෙන්න‘ යනුවෙනි

”අපි චීනෙට කර්මාන්ත ශාලා ඉදිකිරීමට ඉඩම් ලබා දෙනවා කියලා දැන් හම්බන්තොට ලොකු උද්ඝෝෂණ සිද්ධ වෙනවා. මම අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා හම්බන්තොට අය මේවාට විරුද්ධ නම් කරුණාකරලා ඒ ඔක්කොම කර්මාන්ත ශාලා ටික අපේ පොළොන්නරුවට ලබා දෙන්න කියලා” යැයි ජනාධිපතිවරයා පැවසුවේය.

‍”ආණ්ඩුව පෙරළන්න හීන දකින අයට මම කියන්න කැමතියි ඊළඟ මහ මැතිවරණය තිබෙන තුරු මේ ආණ්ඩුව හොල්ලන්න මම කාටවත් ඉඩ දෙන්නේ නෑ කියලා” යැයිද ජනාධිපතිවරයා කී ය සිටියේය.

අගමැති රනිල් වික්‍රමසිංහ ළඟ තියාගෙන මෙවැන්නක් පැවසීම සුදුසු නොවන බව සමහරු පවසති.මන්දයත් ‘ඊළඟ මහ මැතිවරණය තිබෙන තුරු මේ ආණ්ඩුව හොල්ලන්න මම කාටවත් ඉඩ දෙන්නේ නෑ , කියලා යනුවෙන් කියවෙන්නේ මීළඟ මැතිවරණයේ දී මේ පවතින ආණ්ඩුව පරාජය නොවන බව නොවේදැයි මේ පිරිස ප්‍රශ්න කරති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.