හමුදාව යුද අපරාධ සිදු කළ බව සරත් ෆොන්සේකා ගේ ප‍්‍රකාශයෙන් පැහැදිලියි – ශිවාජිලිංගම් ජිනීවා හීදී

siwalingamඅධිකරණයක අවශ්‍යතාවය පවතින බව උතුරු පළාත් සභා මන්ත‍්‍රී කේ. ශිවාජිලිංගම් ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කර තිබේ. ශ‍්‍රී ලංකා රජයේ හමුදාව යුද අපරාධ සිදු කර ඇති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කළ ප‍්‍රකාශයෙන් ද පැහැදිලි වන්නේ යැයි ශිවාජිලිංගම් එහිදී ප්‍රකාශ කර ඇත.

ජිනීවා මානව හිමිකම් කවුසලය හමුවේ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේ පවසා ඇත.

“2015 වසරේ සැප්තැම්බර් මාසයේ ශ‍්‍රී ලංකා රජය මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කළ යෝජනාවලියට අදාළව මෙතෙක් කිසිදු සාධනීය පිළිතුරක් අනුගමනය කර නැහැ. දෙමළ ජනතාව අඛණ්ඩව බලාපොරොත්තු වන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාවයි. යුද අපරාධ සම්බන්ධයෙන් තමන් සතුව වැදගත් සාක්කි රැසක් ඇති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කර තිබෙන බව මෙහිදී විශේෂයෙන් කිව යුතුයි. හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය ඇතුළු හමුදා සාමාජිකයින් 30 දෙනෙක් යුද අපරාධ සිදු කර ඇති බවට ඔහු පවසනවා.

නමුත් ඊට දින දෙකකට පසුව ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා කියන්නේ යුද වීරයින්ට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණ පවත්වන්නේ නැහැ කියලයි. ශ්‍රී ලංකාවේ අද තත්ත්වය මෙන්න මේකයි. අවසාන වශයෙන් මගේ ඉල්ලීම වන්නේ දෙමළ ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර අධිකරණයක් අවශ්‍යයි කියන එකයි.”

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.