හයිබ්‍රිඩ් වාහන ආනයන කල පිරිස් අමාරුවේ

 

ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ අයවැයට පෙර ඇනවුම් කළ වාහන සඳහා සහනයක් ලබා‍ දෙන ලෙස ය.

පෞද්ගලික මට්ටමින් කර ඇති එවැනි ආනයන පිළිබදව සලකා බැලීමක් කළ හැකි වුව ද ‍ව්‍යාපාරික වශයෙන් වාහන ආනයනය කිරීම සඳහා පැන වූ බදු කිසිසේත් සංශෝධනය ‍නොකරන බව මුදල් අමාත්‍යරවයා අවධාරණය කළේ ය.

පසුගිය සතියේ රජය ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් හයිඩ්‍රිඩ් වාහන මිල ගණන් රුපියල් ලක්ෂ 7 ත් 12 ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමිණ.

මෙම තත්ත්වය තුළ තමන් දැඩි අර්බුදයකට මුහණ දී සිටින බව හයිබ්‍රිඩ් වාහන ආනයනය සඳහා ණය වර ලිපි විවෘත කළ පාරිභෝගික පිරිසක් ඊයේ කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළහ.

මේ අතර වාහන ආනයනයට සම්බන්ධ තවත් පිරිසක් අද මහරගමදී මාධ්‍ය හමුවක් පැවැත්වීය.

මේ අතර ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ ‍තමන් ද නව බදු හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණදී සිටින බව ය.

 

[vsw id=”/sDCgc7_rGcA” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.