හලාවත වැල්ල ගිනියම් වෙන්න ඉඩ දෙනවාද?

347ca588-833a-4ddf-b55a-7358558f50d9

 

ධීවරයින් යනු සාමුහිකව මුහුද බෙදා හදා ගත්  පිරිසකි.

එහෙත් මුදලාලිලා වැඩේට ඇත ගැසූ පසු සාමුහිකත්වය ගිලිගී ගියේය. සීමා මායිම් පිළිබඳව වූ එකඟතාවන් රැල්ලට සේදී ගියේය.e0dd5186-e92c-4ff4-bacc-5165befbd227 (1)

හලාවත වැල්ල ගිනිගත්තේ කල්පිටියෙන්  පැමිණි පිරිසක් නෙකු හලාවත මුහුදු තීරයේ තහනම් ආම්පන්න , කිමිදුම් උපකරණ යොදා ගනිමින් මසුන්  ඇල්ලීමට පටන් ගැනීමත් සමඟයි.

මෙය නිතර සිදුවන් බව කියන හලාවත  ධීවරයින් පිරිස වට කළහ.

ඒ වන විටත් කල්පිටිය මාන්පුරිය ප්‍රදේශයෙන් පැමිණි පිරිස

මාළු කිලෝ තුන්දහසක් පමණ අල්ලා ගෙන තිබින.

 

මේ අනවසර ආගන්තුකයින් ගේ බෝට්ටුවල  සහ පුපුරන ද්‍රව්‍ය, තහනම් දැල්  සහ , කිමිදුම් උපකරණ තොගයක් විය.

හලාවත  ධීවරයින්  කල්පිටියෙන් පැමිණි පිරිස තම ග්‍රහණයට ගත්හ.

හලාවත වැල්ලට රැස්වූ  දහස් ගනනක් වූ ධීවරයින් දැල් සහ මාළු වලට ගිණි තබද්ද්දී පොලීසියට නිහඬ වීමට සිදුවිය.

පැය පහකට ආසන්න කාලයක් තිස්සේ පැවති කලබලකාරී තත්වය තරමක් සන්සුන් වුයේ කල්පිටියෙන් පැමිණි පිරිස් මුදා හැරීමෙන් පසුවයි.

 

priestd5556386f40

ප්‍රශ්නය තවමත් ගිනි පුපුරකි.

මේ තත්වය පාලනය කිරීමට කඩිනම් පියවර නොගතහොත් හලාවත කල්පිටිය මුහුදු තීරය ගිනියම් වනු වැළැක්වීම අසීරු වනු ඇත.

මෙය ධීවර දෙකොටසක් අතර ඇතිවූ ගැටුමකට එහා ගිය ගැටළුවකි.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.