හාල්මැස්සන් අල්ලන රහස රාජිත ගෙන්

rajithaqq

තෝරු මෝරු සිටියදී පොලිසිය හාල් මැස්සන් අත්අඩංගුවට ගන්නේ රජය අපකීර්තියට පත් කිරීමට බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න කියා සිටී.

 මීට‍ වසර ගණනාවකට පෙර කරන ලද වැරැද්දකට සෂී රණසිංහ හෝ සුදර්මන් රදළියගොඩ අත්අඩංගුවට ගැනීම මේ මොහොතේ ප්‍රධාන කාර්ය නොවන බව තමන්ද පිළිගන්නා බව ඇමතිවරයා කියා සිටියේය.

ඔහු කියා සිටින්න්නේ ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමට පොලීසිය හිතාමතා මේ අන්දමින් කටයුතු කරන බවයි.

වෙලේ සුදා මන්ත්‍රීවරයෙක් ගැන හෙළිදරව් කර තිබියදී පොලීසිය කුමක් කරන්නේදැයි ඇමතිවරයා ප්‍රශ්න කළේය.

ප්‍රශ්නය වන්නේ ඇමතිවරයා ප්‍රශ්නය ඇසුවේ වැරදි තැන වීමයි.

රාජිත ප්‍රශ්නය ඇසුවේ ජන මාධ්‍යවේදීන් ගෙනි.ඔහට මේ ප්‍රශ්න ඇසීමට තිබුනේ රනිල් වික්‍රමසිංහ,මෛත්‍රීපාල සිරිසේන හෝ ජෝන් අමරතුංග ගෙනි.

රාජිත සේනාරත්න ඇමතිවරයා රාජපක්ෂ පවුල ගැන අනියමින් සඳහන් කළත් ඔවුන්ගේ නම් සඳහන් නොකිරීමට තරම් ප්‍රවේසම් විය.

[vsw id=”/sME4esjHvWo” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

Rajitha explains why the big fish escape

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.