හාල් මිළ පහළ දැමීම ඡන්ද ගුන්ඩුවක් නොවේ-රනිල්

 

ranil wick

 

 

සහල්වල මිල ගණන් පහත දැමුවේ පිරී පවතින සහල් ගබඩා නිදහස් කිරීමේ අරමුණෙන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ මැදවච්චිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගි වෙමින්ය.

ඒ අනුව සහල් මිල පහත දැමීමෙන් ගබඩා සුද්ද වන බවත් අගෝස්තු මාසයේ යළ කන්නය වන විට යළි ගබඩා පුරවා ගොවීන්ගේ අාර්ථිකය ශක්තිමක් කිරීමට පියවර ගන්නා බව පැවසුවේය.අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ එමගින් ගොවීන්ට මෙන්ම ජනතාවටද විශාල වාසියක් අත්වන බවයි.

තමා නගරයේ ජීවත්වන්නේ ගමේ අාරථිකය නැංවීමට බවත් ගමේ අාර්ථිකය නැංවීම සදහා විශාල වැඩිපිළිවෙලක් සැලසුම් කර අැති බවත් පැවසුවේය.

එමෙන්ම ඉදිරියේදී ග්‍රාමීය ආර්ථීකය ශක්තිමත් කිරීම සඳහා තම රජය මගින් පොකුරු ගම්මාන 2500ක් ඉදිකිරීමට පියවර ගන්නා බව රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.