හැකි නම් කරන්න – අපි මාරු – විමල් වීරවංශ

wimal weerawansaතමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 5 දෙනෙකු ඉවත් වීමත් සමඟ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය අවලංගු වන බැවින් දැන් හැකිනම් ආණ්ඩුවක් ලෙස ෆෙඩරල් ව්‍යවස්ථාවක් රැගෙන විත් එය සම්මත කර ගන්නා ලෙසට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ආණ්ඩුවට අභියෝග කර සිටියි.

සත්‍ය වශයෙන්ම විමල් වීරවංශ ඇතුළු පිරිස මෙම කමිටුවේ සිටීම අත්‍යවශ්‍ය නොවේ.

ඊයේ(20) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන නිසා නිරායාසයෙන්ම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සමාජිකයින් වූ බවයි.

එමෙන්ම මුල සිටම මෙහෙයුම් කමිටුවට හෝ අනුකමිටු 6 ට සහභාගී වීමෙන් තම පක්ෂය වැළකී සිටි බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් ගණනාවක්ම තම යෝජනා ඉදිරිපත් කොට ඇත.

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාවය වී තිබුණේ පාර්ලිමේන්තුවට පිිටින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය නමින් කණ්ඩායමක් රැස්ව නව ව්‍යවස්ථාව කෙටුම්පත් සකස් කර එම න්‍යාය පත‍්‍රය ගෙන ඒම බවත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම මත එය අසාර්ථක වූ බවත් විමල් වීරවංශ මහතා පැවසීය.

බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයාගේ සභාපතිත්වයෙන් ඇති මූල්‍ය කටයුතු අනු කමිටුවේ වාර්තාව ඒකමතිකව සම්මත කොට ඉදිරිපත් විය.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නෙතිය සහ සාමය පිළිබඳව අනු කමිටුවේ ක්‍රියාකාරී සාමජිකයෙක් විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.