හැකි නම් කරව-විශ්වාසභංගයට රනිල් ප්‍රතිචාරය

raniiil

 

අමාත්‍ය ජෝන් අමරතුංග ට විරුද්ධව ගෙනන විශ්වශබංග යෝජනාව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ට පරාවළල්ලක් වීමට ඉඩ තිබේ.

වත්තල ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු සන්ධානයේ පිරිසකට පහරදුන්නැයි මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංගට එරෙහිව විපක්ෂයෙන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවන බව පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීයා සිටී.

මෙය පුළුවන්නම් කරලා බලපල්ලා තාලයේ ප්‍රතිචාරයකි.මන්ත්‍රීවරුන් ගේ තරම දන්නා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව විසුරුවන බව කීමෙන් සැහෙන පිරිසක් සලිත කළ  හැකි බව දනී.

විශ්‍රාම වැටුප එන තෙක් කල් මරන මන්ත්‍රීවරු,යම් තරමකට හෝ මන්ත්‍රීකමට මුව වී දුෂණ චෝදනා වලින් බේරීමට මාන බලන මන්ත්‍රීවරු සහ ලබන වාරයේදී අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට එන්න ඉඩ නොලැබෙන  පිරිස මේ මන්තරයෙන් සලිත වන බව රනිල් වික්‍රමසිංහ මහතා වටහා ගෙන සිටී.

විධායක බලතල 

සිරිකොත එජාප මූලස්ථානයේදී පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ විධායක බලතල අහෝසි කර 18 වැනි සංශෝධනයද ඉදිරිපත් කිරීමේ අරමුණ මෙම විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් රටට අහිමිවන බවද ඔහු පැවසීය.

මෙය තවත් තුරුම්පුවකි. විධායක බලතල අහෝසි කර 18 වැනි සංශෝධනය සම්මත නොකිරීමේ වරද එක්සත් ජනතා නිදහස් සන්ධානය මතට පවරා මැතිවරණයට යෑමේ ඉඩක් එක්සත් ජාතික පක්ෂයට ලැබෙනු ඇත. දැන් එක්සත් ජාතික පක්ෂයට නැතිවීමට දෙයක් නැත.ඇත්තේ ලබා ගැනීම සඳහා වූ දේවල් පමණි.ඒ දේවල් අතරින් වඩාත් වැදගත් වන්නේ

මන්ත්‍රීවරුන් ගණනින් වැඩි පාර්ලිමේන්තු බලයයි.මේ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ලැබන්නේ අනගි තල්ලුවකි

මේ අතර විපක්ෂ මන්ත්‍රී 114 දෙනකුගේ අත්සනින් යුතු විශ්වාසභංග යෝජනාව කථානායක චමල් රාජපක්ෂ මහතාට බාරදී ඇත.

රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ යෝජනා කළ ව්‍යවස්ථා වෙනස මේ අනුව අහිමිවී යනු ඇත. විවාදය සඳහා ඉතා ඉක්මනින් දිනයක් දෙන ලෙසද අගමැති කථානායකවරයාට කියා ඇත

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.