හිංසනයට දිරි දෙන අළුත් ත්‍රස්ත පනත

violenceත්‍රස්තවාදය වැලැක්වීම සඳහා රජය විසින් අලුතින් සම්මත කරගැනීම සැරසෙන පනත ප්‍රජාතන්ත්‍ර විරෝධී සැලසුමක් ලෙසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය සහ දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන දැඩි දෝෂ දර්ශනයට තිබේ.

විධායක බලය ජනතාව මත පැටවීමේ උත්සාහයක් ලෙස දෙමළ ජාතික සන්ධානය විසින් හෙලා දැක ඇති කැබිනට් මණ්ඩලය විසින් අප්‍රේල් 25 දා සම්මත කරගන්නා ලද ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත් කෙටුම්පත වහාම හකුලා ගන්නා ලෙස දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කිහිපයක් නිවේදනයක් මගින් රජයට බලකර සිටී.

නව පනත් කෙටුම්පත් රාමුව පිලිබඳ කම්පාවට පත්වූ බව සඳහන් කරන දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් නිකුත් කරන නිවේදනයකින් පවසා ඇත්තේ එමගින් මානව හිමිකම් උල්ලංඝනයටත් වධහිංසා පැමිණවීමටත් ඉඩ සලසන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මානව හිමිකම් සංවිධාන දිගින් දිගටම පෙන්වා දී ඇති කරුණක් වුයේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගන්නා අයගෙන් පාපෝච්චාරන ලබා ගැනීම සඳහා වධ දීම රටේ පුළුල් වශයෙන් සිදුවන බවයි.

වෙරිටේ පර්යේෂණ ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ ගෙහාන් ගුණතිලක නීතිවේදියා ද පවසන්නේ අත් අඩංගුවේ දී වධ හිංසා කිරීම සඳහා නව පනත් කෙටුම්පත පොලිසියට දිරි දෙන බවයි.

රටේ “එක්සත් කම” නැතහොත් “සමගිය” යන පුළුල් අර්ථකථනය යොදාගෙන විරුද්ධ මතධාරීන් දණ්ඩනයට ලක් කිරීමට නව පනත ඉඩ සලසන බව ඔහු පෙන්වා දෙයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.