හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායකගේ අවසන් කටයුතු අද

Rathnasiri Wikramanayakeඅභාවප්‍රාප්ත හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද දින (31) පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හොරණ නගර සභා ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතය.

අද සවස 2.00 ට දේහය රැගත් අවමංගල පෙරහැර ඒ මහතාගේ හොරණ ඇති නිවසින් පිටත් වී හොරණ නගර සභා ක්‍රීඩාංගණය කරා පැමිණ, අනතුරුව ආගමික වතාවත්, ගුණකථන පැවැත්වීමෙන් පසු අවසන් කටයුතු යොදා ඇත.

වික්‍රමනායක මහතාගේ දේහය තැන්පත් කර තිබු ඒ මහතාගේ හොරණ නිවසට ඊයේ දිනයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද , බ්‍රහස්පතින්දා (29 වැනිදා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පැමිණ අවසන් ගෞරව දක්වනු ලැබිය .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.