හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස ලනුව ගිල්ල හැටි

thissa

මේ වන විට අතරමන් වී සිටින් දේශපාලකයින් අතරේ මුල් තැනක සිටින්නේ එක්සත් ජාතික පෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකයි.

දින විස්සක් පමණක් ඇමතිකම් කළ අත්තනායක මන්ත්‍රීවරයා  පාර්ලිමේන්තුවේ වදී වෙන පැත්ත පවා පැහැදිලි නැත.

තවත් ටික දිනක් ඉවසුවා නම් බොහෝ විට ඔහු අද ඇමතිවරයෙකි.ඊටත් වඩා නින්දිත ලෙස තම පක්ෂය පාවාදී බොරු ගිවිසුමක් සමාජගත කිරීමනේ චෝදනා ලබන්නේ

නැත.

තිස්ස අත්තනයක මන්ත්‍රීවරයා ඇදහිලි පිළබඳව අන්ධ විස්වාශයෙන් කටුතු කළ  අන්දම පිළිබඳව  තිලක් සේනාසිංහ  ලක්බිම පුවත්පතේ ගෙන  එන හෙලිදරව්වක්.

දුම්රියක් ළං ළංව එන විට දුම්රිය පාරේ සිටින්නවුන් ඉවතට පැන ගන්නා අතරේ දුම්රිය පාරෙන් ඉවත සිටි අයකු එකවරම දුම්රිය පාරට පැන ගත්තාක් බඳු තිස්ස අත්තනායකයන්ගේ මෙම අභාග්‍ය සම්පන්න දේශපාලන කරණමට මතුපිට හේතුව එය බවට සැක නැත. එහෙත් එහි අභ්‍යන්තරයේ ඊට වඩා අතිශයින් ප්‍රබල හේතුවක් සොයා ගන්නට මට හැකි විය. එනම් ‍ජ්‍යොතිෂ ඇතුළු ගුප්ත ශාස්ත්‍ර සම්බන්ධයෙන් ඔහු තුළ පැවැති අති මහත් විශ්වාසය සහ ඒ සම්බන්ධ ලෝලීත්වයයි.

දේශීය මෙන්ම විදේශීය ජනමාධ්‍ය මගින්ද ප්‍රසිද්ධ වූ අන්දමට තම ධුර කාලය වසර දෙකක් ඉදිරියට තිබිය දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තම පදවිය අතැර ගෙදර යන්නට සිදුවූයේ තම දේශපාලන අනාගතය  පිළිබඳ යථාර්ථයෙන් බැහැර වූ ගුප්ත කෝණයකින් දැකීමට පෙළඹුණු නිසාය. ඒ සම්බන්ධයෙන් නිල නොවන වගකීම ගත යුතු තැනැත්තා ලෙස රාජපක්ෂ මහතාගේ සමීපතම හිතවතුන්ගේ පවා ප්‍රබල දෝෂ දර්ශනයට ලක්වන පුද්ගලයෙක් හිඳියි. ඒ පුවත් පත්වල දේශපාලන වට රවුම් ලිපි මගින් තමන් රාජකීය ‍ජ්‍යොතීර්වේදියා ලෙස හඳුන්වන මෙන් තමන්ට හිතවත් මාධ්‍යවේදීන්ගෙන් සුහද ඉල්ලීම් පවා කළ ගාල්ලේ සුමනදාස අබේගුණවර්ධන මහතාය.

sumanawww

“රාජකීය ‍ජ්‍යොතීර්වේදියා

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ දේශපාලනඥයන් බොහොමයකගේ ‘හද දිනූ’ මේ “රාජකීය ‍ජ්‍යොතීර්වේදියා”  තිස්ස අත්තනායකයන් සමග ද සුහද සමීප ඇසුරක් පවත්වා ඇත. එනිසාම පසුගිය කාලය පුරා එක්සත් ජාතික පක්ෂයේ ඇති වූ විවිධ ගැටුම්, අර්බුද හැලහැප්පීම් මත දැඩි මානසික පීඩාවකට ආතතියට පත් අත්තනායක මහතා තමන්ගේ සහ පක්ෂයේ අනාගතය ගැන ද සුමනදාස අබේගුණවර්ධන ගෙන් විමසා තිබේ. එහිදී ඔහු තිස්ස අත්තනායකයන්ට පවසා ඇත්තේ රාජ යෝග රැසකින් පිරී ඇති ඔහුගේ කේන්ද්‍රය මෙරට දේශපාලනඥයකුට කලාතුරකින් හිමිවන සුවිශේෂ ග්‍රහ පිහිටීම් රැසකින් යුතු අපූර්වතම ගණයේ එකක් බවය.

කේන්ද්‍රය බොහොම බලවත්

මෙසේ කේන්ද්‍රය මුල් කොට ගත් ඉච්ඡා බස් දෙඩීම තුළින් තිස්ස අත්තනායකයන් කලක සිටම තම වසඟයට ගත් අබේගුණවර්ධන 2012 ඔක්තෝබර් 21 ඉරිදා පුවත් පතක් වෙත ලබා දුන් සාකච්ඡාවකදී තිස්ස අත්තනායකගේ කේන්ද්‍රයේ අපූර්වත්වය පිළිබඳ කරුණු රැසක් පවසා තිබේ. ඒ අනුව එම සංවාද සටහනේ සිරස්තලය යෙදී ඇත්තේ ද “තිස්ස අත්තනායක මහත්තයාගේ කේන්ද්‍රය බොහොම බලවත්” යන්නය. කෙසේ හෝ තමන්ගේ එම අනාවැකිය සහිත පුවත්පත් පිටුව රාමු කරගෙන තම අමුත්තන්ට පෙනෙන සේ නිවසේ එල්ලාගෙන සිටි ඔහු මෙවර ජනාධිපතිවරණයෙන් පසුව හොර රහසේම එය ගලවා සඟවා තබාගෙන ඇතැයි මා හා කීයේ ඔහුගේ සමීපතමයෙකි. එමෙන්ම 2014 නොවැම්බර් 02 දා පුවත් පතකින් ‘යූ. ඇන්. පීයේ නැද්ද වෙන බලවත් කෙනෙක් යනුවෙන් ? ඇසූ ප්‍රශ්නයට අබේගුණවර්ධන දී ඇති පිළිතුර මෙලෙසිනි.
“යූ. ඇන්. පීයේ ඉන්නවා තව බලවත් කෙනෙක්. ඒ තමයි කන්ද උඩරටින් බිහිවුණු තිස්ස අත්තනායක මහත්තයා”

පියසේන රතුවිතාන

තමන් තුළ පවතින මෙම ගුප්ත ලෝලීත්වය නිසා අබේගුණවර්ධනගෙන් තම කේන්ද්‍රය බලා සෑහීමකට පත් නොවූ තිස්ස අත්නායකයන් කේන්ද්‍ර බැලීම ආදී ගුප්ත කටයුතු සඳහා තවත් බොහෝ පුද්ගලයන් වෙත ගොස් තිබේ. අසූව දශකයේ රණසිංහ ප්‍රේමදාස ජනපතිඳුන්ගේ රාජකීය ‍ජ්‍යොතීර්වේදියා වශයෙන් සමාජයේ ප්‍රසිද්ධියට පත්ව සිටි පියසේන රතුවිතානයන් ද ඉන් එක් අයෙකි. ඉන්පසු ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂව කටයුතු කරන්නකු ලෙස ප්‍රසිද්ධියට පත් විය. එහි දී ඔහු පවසා ඇත්තේ එවක ආණ්ඩු පක්ෂයේ මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්ද්‍රය තරම්ම මහා බලගතු ග්‍රහයෝග සහිත කේන්ද්‍රයක් තිස්ස අත්තනායක මහතා සතුව ද ඇති බවය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් මාසයේ ස්වාධීන රූපවානියේ ඇතුළාන්තය නම් සංවාද වැඩසටහන මගින් පියසේන රතුවිතාන සූරීහු මෙසේ තම අදහස් පළකර සිටියහ.
“අත්තනායක මහත්තයා අපේ ගෙදරටම ඇවිත් මං ලවා කේන්ද්‍රය බලවා ගත්තා. ග්‍රහයෝග බොහොම බලවත්. ඒ හින්ද බෝලයක් වතුර යට හංගලා තියන්න බෑ වගේ කොහොම හරි ‘බුග්’ ගාලා උඩට මතු වෙනවා. අත්තනායක මහත්තයා යූ. ඇන්. පීය අතහැරලා රාජපක්ෂ මහත්තයව හොයාගෙන ආවේ එතුමන්ගේ ඒ ප්‍රබල ග්‍රහ බලය යටගහන්න බැරි හින්දයි” රතුවිතානයන් කෙසේ කීවද තිස්ස අත්තනායකයන්ගේ මෙම රහසිගත පක්ෂ මාරුව තුළ ඊට වඩා රහසිගත එහෙත්, ගුප්ත නොවූ වැඩපිළිවෙළක් තිබූ බවට සාධාරණ ලෙස කරුණු ඉදිරිපත්ව ඇත.
ඌව පළාත් සභා ඡන්දයෙන් පසු එක්සත් ජනතා සන්ධානය කමෛන් බෙලහීන වන බව දැනගත් මහින්ද රාජපක්ෂ මහතා ඊළඟ ජනාධිපතිවරණයට පෙර සන්ධානයට ‘උත්තේජනයක්’ දීමට අදහස් කොට තිබේ. ඒ සඳහා ද ඔහු උපදෙස් පතා ඇත්තේ තම ‘රාජකීය ෙදෙවඥයාගෙනි’. එහිදී සුමනදාස අබේගුණවර්ධන ජනාධිපති රාජපක්ෂ මහතාට පවසා ඇත්තේ දැනට විපක්ෂයේ රජ කරන පක්ෂියා ද ඇත්තේ තමන් සමීපයේ බවත් හැකි ඕනෑම වෙලාවක අත්තටු හකුලා ඌ අල්ලා දිය හැකි බවත්ය. ඔහු මහින්ද රාජක්ෂ මහතාට මෙලෙස විපක්ෂයේ ප්‍රබලතම පක්ෂියා යනුවෙන් හඳුන්වාදී ඇත්තේ තිස්ස අත්තනායකයන්ය.

Tissa-sworn-minister-111214-seithy (1)

පැදුරටත් නොකියා පක්ෂය හැර පියඹා

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උරමත වසා සිටි හොඳම රාජපාක්ෂික ‘පක්ෂියකු’ වන මෛත්‍රීපාල සිරිසේන පැදුරටත් නොකියා පක්ෂය හැර පියඹා යන්නේ මේ අතරය. එමෙන්ම මේ පක්ෂියා 2015 ජනපතිවරණයේ ‍පොදු අපේක්ෂක භූමිකාවට පිවිසෙනුයේ තමන්ට ‘තුන්කල් දැකීමේ  නුවණක්’ ඇති බව  ජනපති රාජපක්ෂට අඟවා සිටි මෙම ෙදෙවඥයාගේ සේම හිටපු ජනපති රාජපක්ෂ මහතාගේ බුද්ධි අංශ ප්‍රධානියාගේ ද ඇස් උඩ හිඳුවමිනි.
මෙවන් පසුබිමක් තුළ සිහිනයකින්වත් නොසිතූ මොහොතක තමන් හැරගිය හොඳම පක්ෂියා වෙනුවට විපක්ෂයේ හොඳම පක්ෂියා තම උරමතට ගෙන්වා ගැනීමට රාජපක්ෂ ජනාධිපතිවරයා තුළ නොහිම් උනන්දුවක් ඇති වීම ඉතා ස්වභාවිකය. ඔහු ඒ ‘කොන්තරාත්තුව‘ පවරනුයේ ද සුමනදාස අබේගුණවර්ධනයන් වෙතය.
“ඔන්න ඔබතුමාගේ කේන්ද්‍රයේ ප්‍රබලතම රාජ යෝග ඉස්මතුවෙලා තියෙන්නේ දැන්. හැබැයි ඒ ග්‍රහඵල හරියට නෙළා ගන්න ඕනේ නම් ඔබතුමාට තියෙන්නේ අපේ ජනාධිපතිතුමා එක්ක එකතු වෙන එක විතරයි. එහෙම නැතුව යූ. එන්.පී. එකේම ලැග්ගොත් ඔබතුමා සදාකාලික අඳුරේ තමයි.” ඉන්පසු තිස්ස අත්තනායකයන් හමු වූ සුමනදාස අබේගුණවර්ධනයන් කියා තිබේ. දෙදෙනාගේ මෙම හමුව සිදුව ඇත්තේ දෙදහස් පහේ වසර තෙක් ගාල්ල, කලහේ ප්‍රදේශයේ ඉතා සරල චාම් දිවි පවෛතක් ගත කළ සුමනදාස අබේගුණවර්ධනයන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ රාජකීය ‍ජ්‍යොතීර්වේදියා වීමේ අනුහසින් ගාල්ල උණවටුණේ ගොඩනගාගත් ග්‍රහතරු මධ්‍යස්ථානය ද සහිත සුවිසල් මන්දිරය ආසන්නයේම පිහිටි ‘ක්ලෝසන්බර්ග්’ හෝටලයේ දී බවට ද රාවයක් පවතී.

ඒ කෙසේ හෝ පුරා වසර විසි හයක් ශ්‍රී ලාංකීය දේශපාලන කරළියේ ‘මහත්මා භූමිකාවක්’ හෙබවූ තිස්ස අත්තනායකයන් මෙවර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට පැමිණ ඇත්තේ තම දේශපාලන සුදු පිරුවටය දුගඳ හමන මඩින් නහවා ගනිමිනි. ඒ සන්ධානයේ ප්‍රබලතම ග්‍රහයකු විසින් සූක්ෂ්ම ලෙස ඇටවූ ‘මරුවැලක්’ පාගා ගත් බැවිනි.
එලෙස පසුගිය නොවැම්බර් 01 දා එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහ එවක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහතුන් අත්සන් කළ රහස් ගිවිසුමක් තමන් වෙතට පත්ව ඇතැයි එම මාධ්‍ය හමුවේදී අත්තනායකයන් කී අතර පසුව එය මුල් කර ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පුවත්පත් දැන්වීම්ද සකසන ලදී.
තිස්ස අත්තනායකයන් මාධ්‍යයට ඉදිරිපත් කළ එම ‍ලේඛනයට අනුව රාජ්‍ය සේවය කප්පාදු කිරීමකටද මෛත්‍රී – රනිල් ගිවිසුම් ගසා තිබේ. එය පසුගිය ජනාධිපතිවරණ තැපැල් ඡන්ද දිනයේ පුවත්පත් දැන්වීම් මගින් ප්‍රසිද්ධ කරවීම සන්ධාන ප්‍රබලයකුගේ මගපෙන්වීම ඔස්සේ අත්තනායකයන් සඳහා කැපූ බොරු වළක් බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක. එහෙත් ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ තමන් අතර එවැනි කිසිදු ගිවිසුමක් නොමැති බැවින්  ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන මෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ‍පොලිස්පතිවරයා හට ලිඛිත දැනුම් දීමක් කරනුයේ ඉන්පසුවය. එමෙන්ම මෙය තම දේශපාලන ජීවිතයට සහ කීර්තිනාමයට සිදු වූ බලවත් අපහාසයක් බව තම නීතිඥයා මගින් අත්තනායක මහතාට එන්තරවාසියක් යැවූ මෛත්‍රීපාල සිරිසේන මහතා එමගින් ඉල්ලා ඇති වන්දි මුදල රුපියල් මිලියන දෙදහස් පන්සියයකි.
කෙසේ හෝ අත්තනායකයන් විසින් මාධ්‍යයට ඉදිරිපත් කළ මෙම ‍ලේඛනයේ අත්සන් ව්‍යාජ හා කූට ලෙස සකස් කරන ලද ඒවා බව රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වී තිබේ. පසුගිය දා ඒ බව රහස් ‍පොලීසිය විසින් අනාවරණය කරන ලදී.

mahinda tissa

පුරවැසියන් නොමග යැවීම

කූට ‍ලේඛන මගින් පුරවැසියන් නොමග යැවීම සාපරාධී ගණයට අයත් වන චෝදනාවකි. දණ්ඩ නීති සංග්‍රහයේ හාරසිය පනස් නව වන වගන්තියට අනුව ඒ සඳහා සය වසරක සිර දඬුවමක් හිමිවේ. එහෙත් තම ජීවිතයට එවන් බරපතළ අපලයක් ඇති කරන ඒ රහස් ගිවිසුම නම් ‘ගිනි ගෙඩිය’ තමන් අතට පත් වූ අන්දම තාමත් හරි හැටි නොදන්නා තිස්ස අත්තනායක තමන් මේ ඔස්සේ බරපතළ
මුලාවීම් රැසකට ලක්වූ බව ද දැන් අනියම්ව පිළිගනී. ඒ අනුව මෙය පසුගිය සන්ධාන රජයෙන් ලැබුණු දින විස්සේ සෞඛ්‍ය ඇමැතිකම නම් මතුපිටින් සීනි හා පැණි තැවරූ හලාහල විෂ ගුලියක් බව තේරුම් ගන්නට අත්තනායකයන් ප්‍රමාද වූවා වැඩිය. ඒ කෙසේ හෝ මීට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මුල් පෙළේ අසුනක් හිමිව සිටි මහා බලසම්පන්න ග්‍රහයෝගවලින් සපිරි කේන්ද්‍රයකට හිමිකම් කී මෙරට මහත්මා දේශපාලනය නියෝජනය කළ තිස්ස අත්තනායකයන්ට පසුගිය ජනවාරි 21 බදාදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ආණ්ඩු පක්ෂයේ කිසිදු අසුනක් හිමි නොවීම බරපතළ ඛිෙදවාචකයකි. ඒ අනුව එදින පාර්ලිමේන්තුවට පැමිණෙන ඔහුට සිදුවන්නේ අසුනක් නොමැති වීම මත හිස් අතින් ආපසු හැරී ගෙදර යන්නටය.
දේශපාලන ලියුම්කරුවකු නොවන මා මෙම හුදු දේශපාලනය හා සබැඳුණු මෙවන් සටහනක් තබනුයේ තම අනාගතය සම්බන්ධව යථාර්ථවාදීව නොසිතා ගුප්ත මිථ්‍යා විශ්වාසවල එල්බ ගැනීම රාජ්‍ය නායකයන්ගේ සිට සමාජයේ කුමන තරාතිරමක අයකුට හෝ කෙතරම් හානිදායකදැයි තවත් ආසන්නම නිදසුනක් ඔස්සේ ඔබට පහදා දීම පිණිස පමණි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.