හිටපු ගමනා ගමන ඇමති වැඩිහිටියන් වන්දනාවේ එක්ක ගිහින්

 

 

 

 

ctb-bus

 

 

හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ඔහුගේ දේශපාලන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංගමයට අයත් බස් රථ දෙකක් යොදා ගෙන තිබූ බව ඊයේ (30) හෙළිදරව් වීමෙන් පසු ඔහු එම චෝදනාවෙන් නිදහස් වීම සඳහා බොරු ප්‍රකාශ සිදු කරමින් සිටී. හිටපු ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ ශ්‍රීලංගමයෙන් තමන් කළ ඉල්ලීමදී වැඩි හිටි සමිතිවල පිරිස් වෙනුවෙන් මෙම බස්රථ දෙක ලබා දුන් බවය.

ඊයේ දිනයේ අශෝක් ලේලන්ඩ් සමාගමට අයත්  ගොඩගම හඹරකඩ, පනාගොඩ පිහිටි අංගනයට රැගෙනවිත් එම බස්රථවල අලවා තිබූ ස්ටිකර් ඉවත් කරමින් තිබෙන අවස්ථාවේදී එහි පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි මහතා මෙම තොරතුරු මාධ්‍ය වෙත අනාවරණය කළේය. එම බස්රථ දෙක පුරා හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ හා ඔහුගේ පුත් සොනාල් වෙල්ගම මහතාගේ ස්ටිකර් අලවා තිබී ඇත. පසුගිය මැතිවරණවලදී ඔවුන්ගෙ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් බස්රථ දෙක යොදාගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වේ.

[vsw id=”/C1fhvD1uwu8″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.