හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කළ නොහැකියි.- මැ.කො.

md

හිටපු ජනපතිවරුන්ට හිමි ආරක්‍ෂාව ඔවුන් වෙනත් දේකට සම්බන්ධ වූ පමණින් අඩු කිරීමක්‌ සිදුකළ නොහැකි බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. එනමුත් ආරක්‍ෂකයන් තම ආරක්‍ෂාවට හැර වෙනත් කටයුතුවලට නොයොදවන ලෙස ද මහ මැතිවරණයට තරග කරන හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව ද කොමසාරිස්‌වරයා ඊයේ (16දා) මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ ය.

එමෙන්ම යම් ජීවිත තර්ජනයක්‌ ඇති බවට තහවුරු කරමින් යම් පක්‍ෂ නායකයකු ආරක්‍ෂාව ඉල්ලා සිටියහොත් එම ආරක්‍ෂාව ලබාදීමට කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තුව විසිරුවා හැරියද ඇමැතිවරුන්ට පමණක්‌ එහි වරප්‍රසාද ලබාගත හැකි බවත් කී කොමසාරිස්‌වරයා සෙසු සියලු දෙනාට සමසේ සලකා කටයුතු කරන බව කීවේ ය.

කථානායක, නියෝජ්‍ය කථානායක, විපක්‍ෂ නායක හා ව්‍යවස්‌ථා සභාවේ සාමාජිකයන් වන ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න හා ආර්. සම්බන්ධන් යන අයගේ රාජකාරි අවශ්‍යතා සලකා බලා වරප්‍රසාද ලබාදීමට ද ක්‍රියා කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.