හිටපු ජනපති වියදම් පැහැදිලි කිරීම පසුව- මුදල් ඇමති

 

 

 

DSC_5691

 

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා මුදල් වෙන් කරගත් ආකාරය සාක්ෂි සහිතව පෙන්වා දිය හැකි බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ප‍්‍රකාශ කළා. ඒ සිය අමාත්‍යාංශයේ අද (11) පැවති මාධ්‍ය හමුවකදියි.

ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා රුපියල් කෝටි දස දහසක මුදලක් වෙන් කර තිබූ බවට වත්මන් ආණ්ඩුව චෝදනා කළද එය අසත්‍ය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා එවැනි මුදලක් කිසිදාක වෙන් නොකළ බව තමා වගකීමෙන් ප‍්‍රකාශ කරන්නේ යැයි හිටපු ජනාධිපතිවරයා එම නිවේදනයේ තවදුරටත් දක්වා තිබුණා. ජනාධිපතිවරයාගේ කාර්යාලය වෙනුවෙන් මේ වසරේ වෙන් කර තිබූ මුදල රුපියල් කෝටි 375ක් බවත් ඉන් රුපියල් කෝටි 100ක් වෙන් කර තිබුණේ දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ජනාධිපතිවරයාගේ විශේෂ මැදිහත්වීමෙන් ජනතාවගේ සුබසාධනය සදහා ඉදිකෙරෙන විවිධ සුළු ව්‍යාපෘති සඳහා බවත් එහි දක්වා තිබීම විශේෂත්වයක්.   එම මුදල ඉවත් කළ විට ජනාධිපතිවරයාගේ කටයුතු සඳහා වෙන් කර තිබුණේ රුපියල් කෝටි 275ක මුදලක් බවයි ඔහු එම නිවේදනයෙන් ප‍්‍රකාශ කර තිබුණේ.

මේ පිළිබඳව මුදල් අමාත්‍ය රවී කරුණානායකගෙන් අද මාධ්‍යවේදීන් කරුණු විමසූ  අවස්ථාවේදී ඔහු කියා සිටියේ මේ පිළිබඳව ඉදිරියේදී සාක්ෂි සහිතව ප‍්‍රකාශයක් සිදුකිරීමට තමන් සූදානම් බවයි.

 

මේ පිළිබඳව පිළිතුරුදීම පසුවැට තබන්නේ මන්ද යන්න ප්‍රශ්නයකි.මේ ප්‍රකාශ කිරීමට පෙර ඒ ගැන ප්‍රතික්ෂේප කිරීම් වෙතොත් ඒ පිළිබඳව ගන්නා පියවර කවරේදැයි මුදල් ඇමතිවරයා දැනගෙන සිටිය යුතුව තිබුනි.

 

 

[vsw id=”/FtoQL-UGvrM” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

presidential budget cuts will be explained later-finance minister

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.