හිටපු ජනපතිට කුලී ගෙවා ගන්න බැරිවේ…………..

mahinda-rajapaksa-21බත්තරමුල්ලේ නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලය, බැසිල් රාජපක්ෂ මහතා විසින් අලුතින් පිටවනු ලැබූ ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ’ කටයුතු සඳහා නිල වශයෙන් පවරා ඇත.

නෙළුම් මාවතේ පිහිටි තම සම්බන්ධීකරණ කාර්යාලය කුලිය ගෙවාගත නොහැකිව අතහැර දැමූ පසු නව පක්‍ෂය විසින් එහි කුලී ගෙවාගෙන පවත්වාගෙන යන බව මහින්ද රාජපක්ෂ මහතා ඊයේ මාධ්‍ය හමුවේ පැවසිය. වාර්තාවන පරිදි එම කාර්යාලයේ කුලිය මෙතෙක් මුදල් ගෙවනු ලැබුවේ ද බැසිල් රාජපක්ෂ මහතාට සමීප ව්‍යාපාරිකයෙකි.

රාජපක්ෂවරුන් මේ තරම්දුප්පත් වීම අදහා නොගත හැක්කකක් බවත් දැන් උදය ගම්මන්පිල කළ පරිදි රුපියල් සීයේ ආධාරයක් හෝ එකතු කිරීම ආරම්භ කළ යුතු බව මේ පුවත ඇසු මාධ්‍යවේදියෙක් කියා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.