හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග බිරිඳ වන ඉන්ද්‍රානි රක්ෂණ මණ්ඩලයේ සභාපති

හිටපු ජනපති ලේකම් බිරියටත් නව රජයෙන් තනතුරක්

පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සේවය කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ බිරිඳ වන ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය රක්ෂණ මණ්ඩලයේ සභාපති ලෙස පත් කර ඇතැයි වාර්තා වේ.

මීට පෙර ඇය සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරිය ලෙස ද කටයුතු කළ අතර කොටස් වෙළඳ‍පොළ තුළ සිදුවූ බව කියන අක්‍රමිකතාවලට එරෙහිව කටයුතු කිරීමට යා‍මේදී ඇති වූ බලපෑම් මත ඇය එම තනතුරින් ඉවත් වූ බව වාර්තා විය.

ඉන් අනතුරුව එම තනතුරට තිලක් කරුණාරත්න මහතා ද පත්වූ අතර ඔහුට ද එම ධූරයේ කටයුතු කළ නොහැකි බව පවසා ඔහු ද එම තනතුරින් ඉවත් විය.

කෙසේ වෙතත් පසුගිය රජයේ ඉහළ පෙළ රාජ්‍ය නිලධාරීන් ලෙස කටයුතු කළ බොහෝ දෙනෙකු නව රජය බලයට පත්වීමත් සමග ස්වකීය ධූරවලින් ඉල්ලා අස්වූ අතර ඇතැම් නිලධාරීන් වෙනත් ආයතනවලට මාරුකර යවන ලදී.

ඉන්ද්‍රානි සුගතදාස මහත්මියට තමා සේවය කළ ස්ථානයේම අදාළ තනතුර ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටයුතු කර තිබේ.

 

 

Former presidential secretary lalith’s wife appointed as insurance chairperson.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.