හිටපු නියෝජ්‍ය ඇමැති වික්ටර් පොලීසියට කොටු වෙයි

police custodyනාකුලාගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට නවසීලන්ත රටේ රැකියාවක් දෙන බව කියා රුපියල් තුන් ලක්ෂයක වංචාවක් කළැයි සැකපිට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ, පුත්තලම ආසනයේ සංවිධායක හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන බියන්විලගේ ඇන්ටනී වික්ටර් පෙරේරා මහතා අත්අටඩංගුවට ගත් බව පොලිසිය කියයි. 2016 ජුනි මාසයේ ලැබුණු පැමිණිල්ලක් දීර්ඝ ලෙස විමර්ශනය කිරීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම දුෂණ සිදුකර ඇත්තේ 2014 වසරේදී ය. පී.කේ. චමින්ද 44 හැවිරිදි අයෙකි. පානදුරයේ පදිංචි කරුවෙකි. ඔහු 2017.03.03 පොලිස්පති ඇමතූ ලිපිය හා ලිඛිත පැමිණිල්ල පහතවේ.

 

‘‘පූජිත ජයසුන්දර මහතා,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය, කොළඹ 01.

රුපියල් ලක්ෂ තුනක වංචාව අධිකරණයට වාර්තා නොකර වංචාකරුව අරක්ෂා කිරීම.

මෙම වංචාව පිළිබඳව මා විසින් 2017.01.26 දාතමින් ඔබ වෙත කරන ලද පැමිණිල්ලට දැනට මාස 03 ක් ගතව ඇත. නමුත් අඩුම වශයෙන් එකී පැමිණිල්ල බාරගත් බවට හෝ ලැබුණ බවට හෝ දැණුම් දීමක් නොමැත.

සිද්ධියට වසර 3 කට වැඩි කාලයක් ගතව ඇත. හලාවත පොලීසියට කළ පැමිණිල්ලේ අංකය හා දිනය, 281/8/CIB(1) 2015.11.16 වේ.

මෙයට හේතුව, මෙම වංචාකරු බී. වික්ටර් ඇන්ටනී පෙරේරා දැනට, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ, පුත්තලම ආසනයේ සංවිධායක සහ පුත්තලම දිස්ත‍්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂක ද වීමය. ඔහුට රජයේ දීමනා හා වාහන ලබා දී ඇත.

මොහු මෙම වංචාව සිදු කළේ පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපති යටතේ පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන නියෝජ්‍ය ඇමති වශයෙන් සිටියදී ය.

මෙම පසුබිම තුළ මොහුට විරුද්ධව නීතිමය පියවර ගැනිමට හැකියාව පොලීසිය ට නොමැති ද?

මේ සමග මාගේ මුල් පැමිණිල්ලේ පිටපතක් ඔබගේ පහසුව පිණිස යළි ඉදිරිපත් කරමි. කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලමි.

මෙයට,
අ.ක/පී.කේ. චමින්ද

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.