හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අල්ලස් කොමිසමට

ajith-niwadහිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අල්ලස් කොමිසමට කැඳවා තිබූ අතර පැය 7කට අධික කාලයක් එහි රැඳී සිටිමින් ඔහු එහිදී ප්‍රකාශ ලබාදුන්නේය. තමන් ග්‍රීසියේ බැඳුම්කර මිළදී ගන්නා විට ආර්ථික අතින් එරට දැන් ශ්‍රී ලංකාවට වඩා හොඳ තත්වයක සිටි බව කබ්රාල් මහතා පැවසීය. මේ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ තත්වය ඉතා අවදානම් බවයි ඔහු ඉඟි කළේ.

තමන් මහා බැංකු අධිපති ව සිටි සමයේ සියයට හය සහ අට දක්වා තිබු ආර්ථික වර්ධන වේගය දැන් සියයට තුන දක්වා පහළ බැස ඇති බවයි කබ්රාල් පැවසුවේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ අධිපතිව සිටි සමයේදීත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවි කරුවෙකු ලෙස කටයුතු කළ බවත් එකළ (2014) පර්පචුවල් සමාගම 400%ක ප්‍රාග්ධන ලාභයක් ලැබූ බවත් එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ප්‍රකාශකොට තිබේ.

එකළ අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නැගණිය වන ශිරෝමී වික‍්‍රමසිංහ මහත්මිය පර්පචුවල් ට්‍රෙෂරීස් හොල්ඩින්ස් සමාගමේ අධ්‍යක්‍ෂකවරියක ලෙස සේවය කළ බවත් ඔහු අනාවරණය කර තිබේ. තමන්ගේ නැගණිය වන ශිරෝමී වික‍්‍රමසිංහට එරෙහිව නැගෙන සියළු චෝදනා අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රතික්ෂේප කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.