හිතවත් ෆ්‍රැන්සිස් පාප් තුමනි

Pope Francis

හිතවත් ෆ්‍රැන්සිස් පාප් තුමනි

මේ වේලාවේ ඔබතුමන් ලංකාවාසී අපව බලන්න එන එක ගැන අපිට කාරුණි දෙකක් නිසා සතුටු වෙන්න පුළුවන්.

පළමු වැන්න ඔබතුමන් අරපිරිමැස්ම පිළිබඳව ලබාදෙන ජීවිතාදර්ශය. දෙවැන්න ඔබතුන් විසින් ශුධවරවතට ඔසවා තබන ජුසේ වාස් මුනිවරයානන් ආගමික සංහිඳියාව පිළිබඳව ගෙනෙන පාඩමයි.

ඔබතුමන් ආර්ජන්ටිනාවේ සිට පැමිණ වතිකානයේදී පාප් පදවියට පත් වෙන්නේ ලොවම මවිත කරමින්. ඔබ තුමන් වගේ සරල සැහල්ලූ  මනුස්සයෙක් ඇති ප්‍රබල කර්දිනල්වරුන්

පරදවා පාප් තනතුරට පත් වෙන්නේ දේශපාලන යථාර්ථයක් එක්ක්කයි. ඒ වෙනකොට කතෝලික පල්ලිය ළමා අපචාර,නාස්තිය සහ දුෂණය පිළිබඳව චෝදනාවලින් හෙම්බත් වලයි හිටියේ. බෙනඩික් පාප් තුමන් ගේ දැඩි මුලධර්මවාදයත් ප්‍රශ්නයක් වෙලයි තිබුනේ.

අර්ජන්ටිනාවෙන් ආපු  හොර්ගේ බෙර්ගොග්ලියෝ කාදිනල්තුමා කෙළින් කථාකරන හොර බොරු නැති අනුන් ගේ මත  ඉවසන්න පුළුවන් කියන එක තුල කතෝලික පල්ලිය

මුහුණ දෙන ප්‍රශ්න වලට උත්තර  තිබෙන බව අනෙක් කර්දිනල්වරුන්ට තේරුම් ගිය  නිසයි ඔබවහන්සේ ෆ්‍රැන්සිස් නමින් අභිෂේක ලැබුවේ.

images (43)

 

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් අගනුවර මධ්‍යම ආදායම් පාන්තික පවුලක උපත ලැබු ඔබතුමන් මුඩුක්කු වැසියන් ගේ දුක සැප හොයන්න ගියා. කෑමබීම තමන්ම හදාගත්තා.ගමන් බිමන් ගියේ බස් එකේ.බුවනෝර්ස් අයර්ස් රදගුරු මන්දිරය අතහැරලා කුඩා නිවසක ප්දිචියට ගියා. පාප් පදවියට පත්වුනාට පස්සේ නාස්තිකාර රදගුරුවරුන් කීප දෙනෙකුගේම ටිකට් කැපු බව මතකයි.

ටයිම් සඟගරාව ඔබතුමන්ව 2013 වසරේ කැපී පෙනෙන පුද්ගලයා ලෙස නම් කළේ කෙටි කලකින් ඔබතුමන් කල විප්ලවීය වෙනස්කම් හේතුවෙන්.

. අපචාර සහ මූල්‍ය අක්‍රමිකතා චෝදනා මත අපකීර්තියට ලක්ව තිබූ වතිකානුව නැවත නගා සිටුවීම ඔබතුමන් පියවර ගත්තේ දැඩි විය යුතු තැන දැඩි වෙමින්.

කතෝලික පල්ලිය විසින් පිළිකෙව් කර පැවති සමලිංගිකත්වය ගැන ඔබතුමන්ට  තිබුනේ මැදහත් සිතක්.ඒ ගොල්ල ගැන විනිස්චයක් කරන්න මම කව්ද කියන එක ඔබ තුමන් ඇහුව්වේ මුලධර්මවාදීන් නිහඬ කරවමින්.

 

220px-Joze-Vaz

 

මේ වෙලාවේ ඉන්දියාවේ ගෝවේ ඉඳලා ඇවිල්ලා ධර්මදුත සේවාවේ යෙදුන ජුසේ වාස් මුනිවරයාණන් අපිට සංහිඳියාව  ගන වචනයක් කිව්වේනැතිනම් එක හරි මදි.

තරුණ ජුසේ වස් පියතුමන්ට ලංකාවේ කතෝලිකයින් ඕලන්ද පාලනය යටතේ  විදින ආරංචි වුනා.

1687 දී කුලිකරුවෙකු ලෙසින් වෙස් වලාගෙන, පුජා භාණ්ඩ සහිත පෙට්ටිය හිසමත තබාගෙන යාපනයට ඇවිත් පැණි වෙළෙන්දෙක් , කත්කරුවෙක්, හැටියටද රෙදි පොට්ටනි කාරයෙක් සහ හිගන්න්නෙක් ලෙස වෙස් වළාගෙන  ධර්මදුත සේවාවේ යෙදුනේ තැනට  සුදුසු උපායෙන්.

මහනුවරට ගිය එතුමන්  ඔත්තු කරුවෙකු ලෙස සක්සිත අත්අඩංගුවට ගැනුනා.

වැඩි කලක් යන්නට මත්තෙන් විමද්ර්මසුරිය රජතුමන් ගේ ප්‍රසාදය ජුසේ වාස් පියතුමනට ලබා ගන්න පුළුවන් වුනා.

ඉතා භයානක නියගයකට මුළු රටම ගොදුරු වෙද්දී රජතුමා ජුසේ වාස් පියතුමන් ගෙන්වා ‘ ඔබේ දෙවියන්ට යාච්ඤා කර , අපට වර්ෂාව ලබා දෙන්න’ යි  කිය සිටියා.

මැදවච්චිය සෙට්ටිකුලම මහාමාර්ගයේ පලු ගසක තිබෙන මේ කුරුසය  වාස් පියතුමන් සිටි සමයට අයත් බව සැලකේ.
මැදවච්චිය සෙට්ටිකුලම මහාමාර්ගයේ පලු ගසක තිබෙන මේ කුරුසය වාස් පියතුමන් සිටි සමයට අයත් බව සැලකේ.

එතුමා මාලිගාව අසල පිට්ටනියේ කුඩා අල්තාරයක් සාදා, ඒ මතුපිට කුරුස ප්‍රතිමාව තබා  දෙවියන් වහන්සේට තමන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන මෙන් අයැද සිටියා.

යාච්ඤාවට පිළිතුරක් වශයෙන් ඉතා තද වැසි වැස, මුළු රටම තෙමුන නමුත් ජුසේවාස් පියතුමා දණගසා සිටි ස්ථානය සහ එතුමා පමණක් ද නොතෙමි  තිබුන බවයි ජනප්‍රවාදයේ

සඳහන් වන්නේ.

වසුරිය වසංගතය රට පුරා පැතිර  යද්දී  ජුසේ වාස් පියතුමා ඇතුළු පියතුමන්ලා රෑ දවල් නොබලා ලෙඩුන්ට සාත්තු කලා.

ලෙඩුන්ට කැඳ කැද පිසිමද, නෑවිමද, තුවාල සෝදා පවිත්‍ර කිරීමේ කටයුතුද එතුමාගේ දෑතින්ම කරද්දී  රජතුමා සහ රජ මාලිගාවේ වැසියෝ පලා ගියා. පියතුමා රෝගීන් සමග රැඳුනා.

ජුසේවාස් පියතුන් හුදෙක් ස්වර්ගයේ වැඩ වසන දෙවියන් ගැන කථා කරමින් අනුන් ගේ ආගමට නිගරු කරමින් තමන්ගේ ආගමට මිනිස්සු බඳවා ගන්න වද කළේ නැහැ.

මේ නිසා සංස්කෘතික අක්ර්ම්නිකයෙක් වුනේ නැහැ, අනෙක් අතට තමන්ගේ විශ්වාසය පවා දුන්නෙත් නැහැ.

ඒ නිසයි අද ජාති ,ආගම් බෙදා නැතුව ජුසේ වාස් මුනිවරයානන් වෙනුවන් ශ්‍රී ලාංකිකයින් ගේ සිරස නැමෙන්නේ.

ෆ්‍රැන්සිස් පාප් තුමනි මනුස්සකම පිලිබඳ පණිවිඩයක් අරන් දුර බැහැර සිට අපව බලන්න ආවට පිං.

 

ජයවේවා,සුහද සිතින්

ලංකා පුත්‍ර

 

 

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.