හින්දු ආගම නොදත් මන්ත්‍රීවරයෙකුට අමාත්‍යංශය භාරදීම ගැන උතුර නොසන්සුන්!

jaffna‍නැවත පදිංචිකිරීම, පුනරුත්ථාපන උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා පත්කිරීම මගින් හින්දු ආගමට අඩු සැලකිල්ලක් ලබා දී ඇතැයි හින්දු ජනතාව නොසන්සුන් වී තිබේ.

මේ අනුව එම පත්කිරීම හෙලා දකිමින් යාපනය නල්ලූර් කෝවිල ඉදිරිපිටදී හින්දු මහ සභාව විසින් පෙරේදා (13) විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.

උතුරේ දෙමළ ජනතාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අමතකව ගොස් ඇතැයි එම විරෝධතාවයේදී ජනතාව මැසිවිල් නැගූහ.

ඡායාරූප අනුග්‍රහය – රොමේෂ් මධුශංක

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.