හිරු ට්‍රැෆික් පොලිසියට පහර දෙයි

traffic-planමේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මාර්ගවල සේවය කරන රථ වාහන පොලිස් නිලධාරීන් දැඩි අසීරුවට පත්ව සිටිති.

මේ වන විට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් පමණ වැඩි වී ඇති අතර කුරුණෑගලින් සෙල්සියස් අංශක 37.9ක උෂ්ණත්වයක් වාර්තා වී ඇත.මේ තත්වය හමුවේ රථ වාහන හසුරුවන පොලිස් නිලධාරීන් හට මාර්ගවල යෙදෙන සේවා කාලය අඩු කොට වැඩිපුර ජාල ප්‍රමාණයක් සපවුයේ නැතිනම් ඔවුන් විජලනයට ලක්විය හැකිය.

ශ්‍රී ලංකාව වටා ඇති මුහුද හේතුවෙන් උණුසුම් වා රැළි වලින් ඇතිවන බලපෑම අඩු කර ගත හැකි වුවත් තද අව්වේ එක දිගට වැඩ කිරීම හේතුවෙන් සෞඛ්‍යට හානි ඇති විය හැකි බව වෛද්‍ය විශේෂඥන් පෙන්වා දෙති.

පැසිෆික් මුහුදේ හටගෙන ඇති එල්නිනෝ තත්වය සහ නිරක්ෂය අසලින් හිරු ගමන් කිරීම හේතුවෙන් ඉදිරි සති 2 තුලත් මේ උණුසුම් වාතාවරණය පැවතීමට ඉඩ තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.