හිස් අතින් යාපනයට පැමිණි ජනාධිපතිවරයාව පිළිගැනීමට අවශ්‍යතාවයක් නැත – ආර්.සම්බන්ධන්

R. Sampanthanඋතුරු නැගෙනහිර දෙමළ ජනතාව ඔවුන්ගේ යහ පැවැත්ම උදෙසා නව රජයක් බලයට පත් කළ බැවින් එම රජය ඔවුන්ගේ සාධාරණ අවශ්‍යතා ඉටුකිරීමට හෝ යම් ප්‍රයත්නයක් හෝ නොදරන්නේනම් එවැනි රාජ්‍යයක රාජ්‍ය නායකයා තමන්ව බලයට පත් කළ පළාතේ ජනතාව හමුවට පැමිණීම බරපතල වරදක් බව දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂනායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා ඉන්දීය මාධ්‍ය ආයතනයකට 16 දා ප්‍රකාශ කොට තිබේ.

ජනාධිපතිවරයා යාපනයට පැමිණි අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය එතුමාගේ සංචාරය වර්ජනය කළේ මන්දැයි ඉන්දීය මාධ්‍යය සම්බන්ධන් මන්ත්‍රීවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින් ඔහු තවදුරටත් පවසා ඇත්තේ තමන් දෙමළ ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට කුමන අන්දමක හෝ පිළිතුරක් රැගෙන ඔහුට උතුරට පැමිණීමට අවශ්‍ය තරම් ඉඩකඩ තිබූ බවයි.

දෙමළ ජනතාවගේ අපේක්ෂා හා බලාපොරොත්තු සුන් කරමින් හිස් අතින් යාපනයට පැමිණි ජනාධිපතිවරයාව පිළිගැනීමට තමන්ට හෝ දෙමළ නායකයින්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව කියා සිටින ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා දකුණෙන් පහල වන සෑම රාජ‍්‍ය නායකයෙකුම සාතන් වරයෙකු ලෙසින් කටයුතු කරණ විට දෙමළ ජනතාව මාරයාට බිළිවන බවද ප්‍රකාශ කොට තිබේ.

දෙමළ ජනතාවගේ ඛේදවාචකය වහාම විසඳීමට මේ රජයට යුක්ති සහගත වුවමනාවක් තිබිය යුතු බව පවසන සම්බන්ධන් මන්ත්‍රීවරයා එය එසේ ඉටුවන තෙක් සියළු දෙමළ ජනතාව යක්ෂයින්ගේ බිලි බවට පත්වන බවද කියා සිටියි.

ලෝකයේ කිසිම දෙයක් එක් සිද්ධියකින් අවසන් වීමක් හෝ කෙළවරවීමක් සිදු නොවන නිසා දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් ඉටුවන තුරු නිහඬ නොවී අරගල කිරීමට ඔවුන් සූදානම් බවද ඔහු මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.