හුලා සහ චමිත්‍රී ආපසු සිය රට

 

 

 

 

හුළුගල්ල හා කෙහෙලියගේ දුවට යළි එන්න කියයි !

 

විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට අනුයුක්තව දෙවැනි පෙළ දේශපාලන පත්වීම් ලැබූ 36 දෙනෙකු යළිත් මෙරටට කැඳවීමට නව ආණ්ඩුවේ විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙසේ කැඳවුම් ලැබූ අය අතර ශ්‍රී ලාංකික හිටපු රාජ්‍ය ආරක්ෂක මාධ්‍ය ප්‍රධානී ලක්ෂ්මන් හුළුගල්ල හා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වූ චමිත්‍රි රඹුක්වැල්ල මෙනවිය ද සිටින බව පැවසේ.

කෙසේවවුද මෙරටට පැමිණීමට මසක පමණ කාලයක් ලබා දී ඇත.

මීට ඉහත දේශපාලන පත්වීම් ලැබූ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 29 දෙනෙකු යළි මෙරටට කැඳවීමටද විදේශ අමාත්‍යාංශය පියවර ගත්තේය.

තෝරාගත්   දේශපාලන පත්වීම් ලැබූවන් රාජ්‍ය තන්ත්‍රික සේවයේ දිගටම රැඳී සිටීමට ඉද දීම පිළිබඳව විදේශ ඇමති මංගල සමරවීරට චෝදනාඑල්ල විය. ඔහු කියා සිටීයේ සියළු දේශපාලන පත්වීම් එකවර කැඳවුවහොත් වැඩ අඩාල විය හැකි බවයි.

 

Hulugalla and Chamithri recalled from foreign service.

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.