හෙළිකොප්ටරය සුළු දෙයක්‌ -සජින් වාස්

 

 

 

3 (1)

 

 

 

මට හෙළිකොප්ටර් තියෙනවා. හෙළිකොප්ටරයක්‌ ගන්න එක මට ලොකු දෙයක්‌ නෙමේ. ඕනෙම වෙලාවක මගේ වත්කම් පෙන්වන්න මම ලෑස්‌තියි යෑයි ගාල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්‌ ගුණවර්ධන මහතා දිවයින කළ විමසීමකදී එසේ පිළිතුරු දුන්නේය.

ප්‍රශ්නය – ඔබ ගැන පසුගිය දින කීපයේ රටේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා.

පිළිතුර – ඔව්. මට තිබෙන දේපළ පිළිබඳව කාට කාටත් ප්‍රශ්න තියෙනවා. මට සිංගප්පූරුවෙත් සාප්පුවක්‌ තිබෙනවා. මම ව්‍යාපාරිකයෙක්‌. පෞද්ගලික බැංකුවලින් ලෝන් අරගෙන මම ව්‍යාපාර ආරම්භ කළේ.

ප්‍රශ්නය – ඔබ මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙනවද..

පිළිතුර – ඇයි නැත්තේ. බලපිටිය ආසනයේ ජනතාව මා කෙරෙහි විශ්වාසය තබලා මාව පාර්ලිමේන්තුවට යෑව්වා.

ප්‍රශ්නය – ඔබට මෙම ඡන්දයට ඉදිරිපත්වීමට අවස්‌ථාව නොදුන්නොත්…

පිළිතුර – එතකොට ගන්න ක්‍රියා මාර්ග එදාට කියන්නම්. ගඟෙන් එගොඩ වෙන්න අමුඩ ගහගන්න ඕනෑ ඒ වෙලාවට. ඒ නියම වෙලාව මම දන්නවා .

ප්‍රශ්නය – අද ඔබ මාධ්‍යයට හොඳ මාතෘකාවක්‌ කියා හිතනවාද?

පිළිතුර – වෙන්න පුළුවන්. මෛත්‍රීපාල ජනාධිපති තුමාගේ පැත්තට ගිය උදවිය තමයි… මා ගැන කියන්නේ. ඒ එයාලගෙ ටේස්‌ට්‌ එක. ඕනෑම මොහොතක මගේ වත්කම් පෙන්වන්න මම ලෑස්‌තියි. මම නැහැ බැහැ කිව්වේ නැහැ.

මට හෙළිකොප්ටරයක්‌ තියෙනවාලු. ඒක තමයි ලොකුම මාතෘකාව. මම මිලියන 50 කට හෙළිකොප්ටරයක්‌ ගත්තා. ඒකටත් බැංකු ලෝන් දැම්මා. ඇයි අද මිලියන 40 ට වාහන තියෙනවා. ඒවා පරිහරණය කරන අය ඉන්නවා.

ප්‍රශ්නය – අල්ලස්‌ හෝ දූෂණ කොමිසම ඔබ ගැන පරීක්‍ෂණ පවත්වනවාද?

පිළිතුර – ඔව්. දැන් මගේ නිලධාරීන්ගෙන්ද වරින් වර ප්‍රශ්න කර එවනවා. අන්තිමේදී මටත් නීත්‍යනුකූලව පියවර ගනියි. ඒකට බය වෙන්නේ නැහැ. මම ඕනෑම මොහොතක වත්කම් පෙන්වනවා. පරීක්‍ෂණවලට මුහුණ දෙනවා. මම ව්‍යාපාරිකයෙක්‌.

ප්‍රශ්නය – පසුගිය රජය පැරදුණේ බැසිල් රාජපක්‌ෂ මහතා හින්දද?

පිළිතුර – එයත් එක්‌තරා හේතුවක්‌. ඒත් හැමදේම ඔහුට බැර කරන්න බැහැ. බැසිල් මහත්තයා මාත් එක්‌ක එච්චර හොඳ නැහැ. මම ගැන කිසිම දෙයක්‌ ප්‍රචාරය කරන්න එපා කියලා බැසිල් මහත්මයා ඒ කාලේ රජයේ මාධ්‍යයට කියලා තිබුණා. මම ළඟඳීම කරුණු කියන්න සාකච්ඡාවක්‌ තියනවා. එදාට ඔබටත් ඇරැයුම් කරන්නම්..

Helicopter is no big deal for Sajin Wass

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.