හෙළ උරුමයට එජාපයෙන් අරාධනා

එජාපය සමඟ එක්වන්නැයි හෙළ උරුමයට ආරාධනයක් 

ජාතික හෙළ උරුමය තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකරුවකු වුවත් ඉදිරි මහ මැතිවරණයේදී සන්ධානයෙන් ඡන්දය සඳහා ඉදිරිපත් වෙනවාද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නැතැයි ජාතික භෙල උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික හෙළ උරුමය ස්වාධීනව කටයුතු කළද සන්ධානයෙන් ඉවත් නොවූ බවත් පක්ෂයක් ලෙස එළැඹෙන මහ මැතිවරණයේදී කටයුතු කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් තම පක්ෂයට ඉදිරි මහ මැතිවරණයකදී ඉදිරිපත් වීමට අවස්ථා 3ක් තිබෙන බවත් ඒ අනුව තනිව තරග කිරීම, සන්ධානයේ පක්ෂයක් ලෙස තරග කිරීම හා එජාපය සමඟ තරග කිරීමට හැකියාවක් ඇති බවත් නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් සන්ධානගතව මහ මැතිවරණයට ඉදිරිපත්වන්නැයි තම පක්ෂයට ඉල්ලීමක් කර ඇති බවත් නමුත් ඒ පිළිබඳව කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.