හොරණ, අඟුරුවාතොට දැරියගේ මළ සිරුර හමුවේ

 

 

හොරණ, අඟුරුවාතොට වේරවත්ත ප්‍රදේශයේ අතුරුදහන්ව සිටි අවුරුද්දයි මාස නවයක් වයසැති දැරියගේ මළ සිරුර හමුවී තිබේ.

 

එතැන් සිට දියණිය සොයා ප්‍රදේශවාසින් හා පොලීසිය එක්ව ඊයේ පස්වරුවේ මෙන් ම රාත්‍රීත් මෙහෙයුම් දියත් කළේ ය.

අද උදෑසනත් නාවික හමුදාව ද මැදිහත්ව දැරිය සොයා කළු ගඟේ මෙහෙයුමක් දියත් කළ අතර පෙරවරු 10ට පමණ ඇගේ සිරුර හමුවූයේ නිවස අසල සිට මීටර් 500 ක් පමණ ගං ඉවුරේ පහළින් පිහිටි රොඩු අතර සිරවී තිබියදී ය.

හොරණ මහේස්ත්‍රාත් ලෝචනි වීරසිංහ මහත්මිය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව දේහය අධිකරණ වෛද්‍ය පරික්ෂනය සඳහා හොරණ මූලික රෝහලට යොමු කෙරිණ.

මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළේ, අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව දේහය දෙමාපියන්ට භාර දෙන ලෙස ය.

මිය ගිය උමේෂා දෙව්ම්ණි දැරිය පවුලේ දෙවැනි දරුවා ය.

 

 

[vsw id=”/ngythQZkoDU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.