හොරු අල්ලන්න ප්‍රමාද වැඩියි-ජනපති

නව රජය පත්වී මාසයක් ගතවුණා. වංචාවට, දූෂණයට, හොරකමට, නාස්තියට එරෙහිව ක්‍රියා නොකරන්නේ ඇයි දැයි මටත් ප්‍රශ්නයක්. ජනතාව ඒ දෙස බලා සිටිනවා. දැනුත් ප්‍රමාද වැඩියි-යැයි ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

පසුගිය රජය කාලයේ සිදුවූ මහා පරිමාණ වංචා දූෂණ සේවීමට විශේෂ ජනාධිපති කොමිසමක් ලබන සතියේ පත් කරන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති අරලගන්විලදී පැවසීය.

පදවි, තනතුරු, පක්ෂ හා පුද්ගලයන් කවුදැයි නොබලා මෙම කොමිසම කටයුතු කරන බවත් රජයේ දේපළ, සම්පත් වැනසූ, සොරකම් කළ, වංචා කළ හා කොල්ලකෑ සියලු දෙනාම කොමිසම හමුවට පමුණුවන බවත් ජනපති කීවේය.

 

‘‘

01

එම කොමිසමේ අරමුණ ‘හාල්මැස්සන් හෝ සාලයන්ට’ දඬුවම් කිරීම නොව, ‘තෝරු මෝරුන්ට’ දඬුවම් කිරීම බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

“මම හිතන්නේ දැනටමත් ප්‍රමාද වැඩියි. ඒ නිසා ඒ අංශ භාරව ඉන්න අය වහ වහා කටයුතු කළ යුතු වෙනවා.”

ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මාන්තයෙන් යැපෙන ශ්‍රී ලංකාවේ ගොවි ආර්ථිකය නගා සිටුවීම පිණිස සිය පාලන කාලය ඇතුලත විශේෂ වැඩසටහනක් දියත් කරන බවට ප්‍රතිඥා දුන් ජනාධිපතිවරයා, මහවැලි කලාපයේ පෞද්ගලික ආයෝජකයන්ට ලබා දුන් ඉඩම් පිළිබඳව සමීක්ෂණයක් පවත්වන බවත් සඳහන් කළේය.

රටේ ප්‍රබල වෙනස්කම් කිරීමට බොහෝ අසීරුතා පවතින බව සඳහන් කළ ජනාධිපතිවරයා, එබැවින් ඒ සඳහා සියලු දෙනාගේ ‘සහෝදරත්වය සහ බැඳීම’ අවශ්‍ය බව කියා සිටියේය.

 

02 04

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.