හොර ඡන්දය දමන අයගේ ඔළුවට ම වෙඩි- මැ කො

 

 

maco

 

 

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හොර ඡන්දය දමන අයගේ ඔළුවට ම වෙඩි තබන්නැයි පොලිිසයට  උපදදෙස් දී ඇති බව  කියා සිටී.

 

‘‘ අවම බලය කියලා දෙයක් දැන් නැහැ. දැන් තියෙන්නේ අවශ්‍ය බලය. දණ හිසෙන් පහළට වෙඩි තියන්නේ මොකට ද ? ඡන්දය බලෙන් දාන්න හරි කලබල කරන්න හරි ආවොත් දණ හිසෙන් පහළට වෙඩි තියලා වැඩක් නැහැ ඔළුවටම වෙඩි තියන්න ඕනේ. යැයි කොමසාරිස්වරයා  පැවසීය.

කොමසාරිස්වරයා මේ බව කියා සිටියේ අද කොලඹ මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී ය.

 

‘මට සීයට සීයක් විශ්වාසයි. කිසිම අනිසි දෙයක් සිදු නොවන බවට. මේක ජාතික මැතිවරණයක්. ඡන්ද මධ්‍යස්ථානයක ඡන්ද විමසීමක් අවලංගු කිරීම කිසිවකුගේ උවමනාව නොවෙයි’ මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය ගැන අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ ගණන් කිරීමේ නිලධාරියකුට තර්ජනයක් එල්ල වුනොත් එම ස්ථානයේ ඡන්ද ගණන් කරනු ලැබීම නතර කරන බවයි.

‘ගිනි අවි හෝ වෙනත් අවියක් රැගෙන කිසිවකුට ඡන්ද මධ්‍යස්ථානයකට හෝ ඡන්ද ගණන් කරන තැනකට ඇතුල් වෙන්න බැහැ. ඊයේ පටන් සියල්ල පාලනයක් යටතේ පවතිනවා. රාජ්‍ය දේපොළ සහ රාජ්‍ය මාධ්‍ය අවභාවිතය ගැන පැමිණිලි ලැබුණා. ප්‍රචණ්ඩ ක්‍රියා ගැන තොරතුරු ලැබුණා . ඒ සමග අපි ඒවාට මැදිහත්ව එම ප්‍රශ්න විසඳුවා. ඊයේ පටන් සියල්ල පාලනයක් යටතේ පවතිනවා. එම තත්වය යටතේ ඡන්ද විමසීම් අර්බුදයකින් තොරව පෙරට යන බව මට විශ්වාසයි ’ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය බලාපොරොත්තු පළ කරයි.

යුද හමුදාවට කාර්යයක් නැහැ

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.