ළමුන් 3කට මරු කැදවූ මාරක රිය අනතුර

accidentළමුන් 3කට මරු කැදවූ මාරක රිය අනතුර

බණ්ඩාරගම – කැස්බෑව ප්‍රධාන මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේ ඊයේ (29) පස්වරුවේ  කන්ටේනර් ප්‍රවාහනය කරන ට්‍රක් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන්ගත් වයස අවුරුදු 13ක පිරිමි ළමයින් දෙදෙනෙකු සහ වයස අවුරුදු 7ක ගැහැණු ළමයෙක් මිය ගොස් ඇත.

ඔවුන්ගේ සිරුරු මේ වන විට බණ්ඩාරගම රෝහලේ තැන්පත් කර ඇත.

තව ද ඒ වන විට ත්‍රීරෝද රථයේ 7දෙනෙක් ගමන් කර ඇති අතර අනෙක් 4 දෙනා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.පසුව තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු හා රිදුරු පානදුර රෝහලට අතුළත් කිරීමෙන් පසු තත්වය බරපතල වූ නිසා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමෙන් පසු ත්‍රීරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම ත්‍රීරෝද රථය තවත් වාහනයක් පසු කිරීමට යාමේ දී ට්‍රක් රථයේ ගැටී ඇති බව සිද්ධිය දුටුවන් පවසයි.

මේ වන විට ට්‍රක් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.