ෆිල්ඩ් මාර්ෂල් ට මන්ත්‍රී ධුරයක්

sarath_fonsekabu

සරත් ෆොන්සේකා මහතාට එරෙහිව  ඇති නඩු ඉවත් කොට සේවා සම්මත ෆිල්ඩ් මාර්ෂල් තනතුරක් ලබාදීමට නියමිතය.

සරත් ෆොන්සේකා මහතා ගේ බෑණා වන ධනුන තිලරටනා මහතාට එරෙහි නඩුව සම්බන්ධයෙන් ගන්නා පියවර ගැන දැනගන්ට නැත.

 

ජනරාල් සරත් ෆොන්සේකා ගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න ඇප මත මුදා ගැනීමට හැකි වුණේ තමා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ පවත්වන ලද සාකච්ඡා නිසා යයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ  මැතිවරණ කාලය තුල කියා සිටි අතර සරත් ෆොන්සේකා මහත් ඒ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේය.

මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය සැකකාර ධනුන තිලකරත්න රුපියල් ලක්ෂ 04 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.

යුද හමුදාවට ආයුධ මිලදී ගැනීමේදී හයිකෝප් සමාගම මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට පැවසෙන නඩුවේ එම සමාගමේ අධ්‍යක්ෂක වන වෙලින්ටන් ඬේ හොට් නැමැත්තාට මීට පෙර කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර 05 ක සිරදඬුවම් නියම කළේය.

 

katagodaj

 

මන්ත්‍රී ධුරය

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ මන්ත්‍රී ධුරය සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට එකඟතාව පල කර තිබේ.

ජයන්ත කැටගොඩ මහතා සඳහන් කළේ සරත් ෆොන්සේකා මහතා සිදුකළ ඉල්ලීමකට අනුව තම මන්ත්‍රී ධුරය ඔහුට ලබාදීමට තීරණය කළ බවයි.

මැතිවරණ කොමසාරිස්වරයා විසින් අදාළ මන්ත්‍රී ධුරය සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන බවට තහවුරු කළ පසුව එම මන්ත්‍රී ධුරය ලබාදීමට සූදානම් බව ජයන්ත කැටගොඩ මහතා සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වු සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජා අයිතිය අහෝසී වීමත් සමඟ එම මන්ත්‍රී ධුරය ජයන්ත කැටගොඩ මහතාට හිමිවුණි.

 

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.