ෆොන්සේකාට බලතල පැවරීම දේශපාලන භූමරංගයක් ?

sarath fonsekaඛනිජ තෙල්, ජලය, විදුලිය, ප‍්‍රවාහනය, සෞඛ්‍ය වැනි අත්‍යාවශ්‍ය සේවාවන් අඩාල කිරීමට විපක්ෂයේ ඇතැම් කොටස් සංවිධානාත්මකව ගෙන යනු ලබන වැඩ වර්ජන සහ කඩාකප්පල්කාරී කි‍්‍රයාවන්ට මුහුණ දීම සදහා සියළු බලතල ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙත පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇති බව වාර්තා වීමත් සම`ග දේශපාලන ගැටළු රැසක් මතුවී ඇත.

රටේ ආර්ථික තත්ත්වයට මෙවැනි වැඩ වර්ජන නිසා හානි පැමිණුනත් ඒවා මැඩලීම සදහා බලය දැඩි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් දේශපාලන ගැටලූ මතුවන බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

ජේ. ආර්. ජයවර්ධන රාජ්‍ය සමයේ බයිසිකල් චේන් ගත් පිරිස් වැඩ වර්ජන කඩා කප්පල් කිරීමට උත්සාහ කල ආකාරය මෙම විචාරකයෝ පෙන්වා දෙති. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන කැබිනට් මණ්ඩලයේදී පවසා ඇත්තේ වැඩ වර්ජන මැඩලීමට හොදම සුදුස්සා ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා බවය.

කැබිනට් මණ්ඩලයේදී සරත් ෆොන්සේකා පවසා ඇත්තේ තමාට වැඩ වර්ජන මැඩලීමට පූර්ණ බලතල ලබා දෙන්නේ නම් විපක්ෂයේ කඩාකප්පල්කාරී කි‍්‍රයාවන්ට මුහුණ දීමට තමන් සූදානම් බවයි. දේශපාලන විචාරකයින් දකින ආකාරයට මෙය එක් පුද්ගලයෙක් අතට අසීමිත බලය පැවරීමට ගත් කි‍්‍රයාමාර්ගයක් වන හෙයින් මේ සම්බන්ධයෙන් සිවිල් සමාජය හරහා විරෝධතාවයක් මතු විය හැකි බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.