ෆොන්සේකාත් සන්ධානයට?

 

sarath-fonseka

ඉදිරියේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයට තවත් පක්ෂ කිහිපයක් එක් කරගැනීමට සූදානමක් පවතින බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ද ඉදිරියේ දී සන්ධානය සමග එක්වීමට නියමිත බව හෙතෙම සදහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද ඉදිරි මහමැතිවරණයට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වන බව දයාසිරි ජයසේකර මහතා එහිදී වැඩිදුරටත් පැවසී ය.

මේ පිළිබඳව සරත් ෆොන්සේකා මහතා මේ වන තෙක් කිසිත් ප්‍රකාශ කොට නැත. මේ පිළිබඳව අදහස් දැක්වූ මාධ්‍යවේදියෙක් පැවසුවේ සරත් ෆොන්සේකා හට සුවිසේෂි වූ දේශපාලන දර්ශනයක් නොමැතිවූ හෙයින් ඔහුට ඕනෑම පක්ෂයක් සමග එක්වීමට බාධාවක් නැති බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.