10000 අදියර තුනකින් මුලික වැටුපට. විශ්‍රාම වැටුප අහිමි කරන්නෙත් නැහැ.

ranilරාජ්‍ය සේවකයින්ට ලබාදෙන රුපියල් 10,000 දීමනාව ‍ලබන වසරේ සිට අදියර 3ක් යටතේ ඔවුන්ගේ මූලික වැටුපට එකතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ය.

ඒ අනූව ලබන වසරේ ජනවාරී මාසයේදී රුපියල් 2000ක් ඔවුන්ගේ මූලික වැටුපට එකතු කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සේවකයින් හෙට දිනයේ වැඩවර්ජනයක් කැඳවීම හා එම වර්ජනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමග පෙරේදා පැවැති සාකච්ඡාව ගැන අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව කියා සිටි අතර නව රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප කිසිසේත් අවලංගු නොකරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

ජාතික වැටුප් කොමිසම යළි ස්ථාපිත කරන බවද අගමැතිවරයා එහිදී පැවසීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!