මානව හිමිකම් වාර්තාව හෙළිදරව් විය යුතුයි-සම්පන්තන්

downloadsampanthan

දහතුන්වැනි වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරවීමට දිල්ලිය විසින් කොළඹට බලපෑම්ක කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා කියයි.

ඒ මහතා මේ බව පවසා ඇත්තේ ද හින්දු පුවත් සේවයට අදහස් දක්වමිනි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දීය සංචාරය හෙට (15) ආරම්භකරන අතර ඒ සම්බන්ධයෙන්ද ඔහු අදහස් දක්වා තිබිනි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මෙන්ම ශ්‍රී ලංකා ජනපතිවරයාට මේ පිළිබඳව සාකච්ඡා කිරීමට හොඳ ඉඩක් පවතින බව පෙන්වා දෙන සම්බන්ධන මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ පැවැති ආණ්ඩුව මාරු කිරීම සඳහා උතුරේ ජනතාවද දායකත්වයක් දැක්වූ බවයි

ශ්‍රී ලංකාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විමර්ශන වාර්තාව, ප්‍රමාදයකින් තොරව , මින් පෙර තීරණය වූ පරිදි ලබන මස නිකුත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් අවධාරණය කරයි.

එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපද නිලධාරීන් සමඟ පසුගිය කාලයේ පැවැත්වූ සාකච්ඡාවල දී එම වාර්තාව නියමිත පරිදි නිකුත් කළ යුතු බව තමන් ඔවුන්ට පැහැදිලි කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

downloasampan

2014 දී සම්මත කර ගත් තීරණයක් අනුව ආරම්භ කළ විමර්ශන කටයුතු අවසන් වන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවත් සත්‍ය තොරතුරු ඇතුළත් අපක්ෂපාතී හා සාධාරණ වාර්තාවක් නිකුත් කරන බව එම නිලධාරීන් තමන්ට පැවසූ බවත් ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසුවේය.

ජාත්‍යන්තර සහය ඇතිව විශ්වාසවන්ත අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවට රජය ප්‍රකාශ කොට තිබෙන බව පැවසූ ඔහු ඒ පිළිබඳව ජාත්‍යන්තරයේ අවධානය යොමු විය යුතු බවත් එම කරුණ සම්බන්ධව විදේශ ඇමති මංගල සමරවීර උත්සාහයක නිරතව සිටින බවත් ප්‍රකාශ කළේය.

දෙමළ ජනතාව දිගු කලක සිට මුහුණ දෙන දුක් පීඩා නිමාවකට ගෙන ඒම අත්‍යවශ්‍ය බවද ඒ සඳහා රටේ ජනතාව අතර සැබෑ අවබෝධයක් සහ සමානාත්මතාව පදනම්වූ සාමය සහ සංහිඳියාව ඇති විය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

Sampanthan wants Srilankan     human rights report tabled.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.