බුද්ධගයාවට ගිය ජනපති

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉන්දීය සංචාරය  නිම කොට ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

ජනාධිපතිවරයා ගේ  ඉන්දීය සංචාරය සමඟ දෙරටේ ආගමික සහයෝගය මත කපිලවස්තුපුර ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා වැඳපුදා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ගෙන් අයකරන මුදල ඉන්දීය ජාතිකයන්ට අය කරන ගාස්තු ප්‍රමාණය දක්වා අඩු කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

ඉන්දීය ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති කපිලවස්තුපුර ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා වැඳපුදා ගැනීමට විදේශීය සංචාරකයන්ගෙන් මෙන් ම ශ්‍රී ලාංකිකයන්ගෙන්ද විශාල මුදලක් අය කෙරිණි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උපදෙස් මත කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා මුදල මෙසේ අඩු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඓතිහාසික බුද්ධගයාව

 

ඉන්දියා‍වේ සිව් දින නිල සංචාරයේ යෙදෙන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඔහුගේ බිරිය  ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයෝ ඓතිහාසික බුද්ධගයාව වැඳ පුදා ගත්තේය.

මහාබෝධි විහාරාධිපති  පැල්වත්තේ   සීවලී හිමියෝ ජනපති ඇතුළු පිරිසට වන්දනා මාන සඳහා කටයුතු සම්පාදනය කළහ.

මහාබෝධි විහාර භූමියේ පිහිටි අනගාරික ධර්මපාල පිළිරුව ජනපති මල් දමින් සැරැසීය. අශෝක ස්ථම්භයේ  අනුරුවක් සීවලී හිමියෝ ජනපතිට තිලිණ කළහ.මහා බෝධි විහාරයට පැමිණ සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් සමඟ ද ජනපති කතාබහ කළේය.

02

04

07

058

09

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.