Samitha Smanmalee: දිරිය දියණිය

 

samithaa

 

 

ජීවිතයම මට අභියෝගයක්‌ වුණා
වෛද්‍ය  සමිතා  සමන්මලී

“සමිතා..” සමිතා කිව්වාම ඔබට කවුද මතක්‌ වෙන්නේ. ගායිකාවක්‌ එහෙම නැතිනම් බොහෝ දුෂ්කරතාවයන්ට අභියෝගයන්ට මුහුණ දුන් වෛද්‍ය ශිෂ්‍යාවක්‌…

අපි කතා කරන්නේ වෛද්‍ය ශිෂ්‍යාව ගැන. මම ඇයගේ විස්‌තර කියන්නට ප්‍රථම මෙම ලිපිය සමඟ පළවෙන ඡායාරූප බැලීමෙන් ඔබට අපගේ කතා නායිකාව ගැන මතකයන් ඔබේ සිතේ මතුවෙන්නට පුළුවන්.

මීට වසර දෙකකට පමණ ඉහත දී බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී අනතුරකට ලක්‌ වූ සමිතා මෙරට මුද්‍රිත හා විද්යුත් මාධ්‍යවලට සුවිශේෂි මාතෘකාවක්‌ වූවා. ටික කලකට පසු නැවතත් ජාතික පුවත්පත්වල ප්‍රධාන පුවතක්‌ බවට සමිතා පත්වුණා. ඒ නිසාම අප ඇය සොයා කොළඹ වෛද්‍ය පීඨයට ගියා.

අප එහි යනවිටත් ඇය තම අධ්‍යාපන කටයුතු වල නියලි සිටියා.

සමිතා නැත්නම් සමිතා සමන්මලිගේ උපන්ගම පිළියන්දල මකුළුදූවයි. ඇයට වැඩිමහල් සොයුරියක්‌ සිටිනවා. සමිතා සමන්මලිගේ ගමන්මග රෝස මල් යහනාවක්‌ නොවේ. ඇය කුඩා කාලයේ සිටම විවිධ දුෂ්කරතා , අභියෝගවලට මුහුණ දුන් දැරියක්‌.

“මගේ මව රැකියාවක්‌ කරන්නේ නැහැ. පියා කාර්මික ශිල්පියෙක්‌. ඔහු විදේශ ගතව රැකියාවක්‌ කළා. මම මුලින්ම ඉස්‌කෝලේ ගියේ මකුළුදූව කනිෂ්ඨ විද්‍යාලයට.”

සමිතා තම කතාබහ මොහොතකට නැවැත්තුවා. ඇයගේ පැහැපත් දෙනෙතේ කදුළු බිංදු කිහිපයක්‌ම රැදිලා තිබුණා. ඇයගේ සිතේ දුක වේදනාව ගුලි වී ඇති බව වැටහුණු හෙයින් මම නිහඬව ඇය දෙස බලා සිටියා. ඇය සුසුමකින් සිය වේදනාව පහකර හැරියා.

“මගේ තාත්තා නැතිවෙන කොට මට වයස අවුරුදු දොළහක්‌ විතර ඇති. තාත්තා මිය ගියේ හෘද රෝගයකින්.

යොවුන් වියට එළඹෙන දියණියකට සිය මවගේ රැකවරණය ආදරය තරම් පියාගේ සෙනෙහස

රැකවරණය මොන තරම් වටීද? පුංචි සමිතා ජීවිතයේ පළමු අභියෝගයට මුහුණ දෙන්නේ පියාගේ අභාවයත් සමඟයි.

මම ශිෂ්‍යත්වය සමත් වුණා. ජීවිතයට මුහුණ දෙන්නට හැකි වෙන්නේ හොදට ඉගෙන ගත්තොත් කියන එක මට පුංචි කාලෙදිම වැටහිලා තිබුණා. ඒ නිසා මම මහන්සි වෙලා පාඩම් කළා. ශිෂ්‍යත්වය විභාගයෙන් මට ලකුණු 167 ක්‌ ලැබුණා. ඒ නිසා කොළඹ ඉස්‌කෝලෙකට මට එන්න ලැබුණා.

සමිතා සමන්මලි එක හුස්‌මට කියවා ගෙන යනවා. ඇයගේ දෙනෙත් දීප්තියෙන් බබළනවා. අභියෝගය ජය ගැනීමේ සතුට ඇගේ දෙනෙත්වල හරි අපූරුවට කියාපානවා.

මම ගෝතමී විද්‍යාලයට ආව ගියේ බස්‌ එකේ. ඒ නිසා බාහිර වැඩවලට සම්බන්ධ වෙන්න තිබුණ අවස්‌ථාව අඩුවුණා. හැබැයි මම පාසලේ ශිෂ්‍ය නායිකාවක්‌ විදිහට වැඩකටයුතු කළා. නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදී මලල ක්‍රීඩා වලටත් සම්බන්ධ වුණා. මම මූලිකවම අවධානය යොමු කළේ අධ්‍යාපන කටයුතුවලට. සා.පෙළ විභාගයෙන් ඉහළින්ම සමත්වුණා.

මගේ අක්‌කා පිළියන්දල මධ්‍ය මහ විද්‍යාලයේ ගුරුවරියක්‌ විදිහට වැඩ කරනවා. ඇය විවාහකයි. බබාලා දෙන්නෙක්‌ ඉන්නවා.

දිරිය සම්පන්න සමිතා සමන්මලි එක දිගට කියන දේ මම ඔබ වෙනුවෙන් එක දිගටම සටහන් කර ගත්තා.

“මම වෛද්‍යවරියක්‌ වෙනවා” කියලා හිතා ගත්තේ අවුරුදු දහයේදී විතර. මගේ එකම ඉලක්‌කය වුණේ ඒ අදහස්‌ මුදුන් පත්කර ගන්නයි. ඒත් මගේ පළමු උත්සාහය සාර්ථක වුණේ නැහැ. මම දෙවැනි වරත් තුන්වැනි වරත් උත්සහ කළා. මගේ තුන්වැනි උත්සහය තමයි සාර්ථක වුණේ.

මම කොහොමත් අභියෝගවලට මුහුණ දෙන්න ඒවා ජයග්‍රහණය කරන්න හරි ආසයි.

කාර්ය බහුල වෛද්‍ය සිසුන් එහාට මෙහාට ගමන් කරනවා. ඒ ගමන් කිරීම අපේ කතා බහට බාධාවක්‌ වුණේ නැහැ. අපේ කතා බහ අතරතුරේදී සමිතා සමන්මලිගේ මිතුරෙක්‌ මිතුරියක්‌ පැමිණ කතා කරනවා.

“මගේ යාළුවෙක්‌…” ඇය මිතුරියගේ අතින් අල්ලාගෙන පවසනවා.

මීට වසර දෙකකට පමණ ඉහත එනම් 2008 පෙබරවාරි 15 දා වෛද්‍ය ශිෂ්‍යාවක වූ සමිතා සමන්මලිගේ ජීවිතයේ තීරණාත්මක දිනයක්‌ බවට පත්වුණා.

ඇය සිය සහෝදර වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්‌ඩායමක්‌ සමඟ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට යන්නේ ඉදිරි දිනෙක පැවැත්වෙන වෛද්‍ය ප්‍රදර්ශනයක මූලික සැලසුම් සකස්‌ කිරීමටයි.

 

 

samitha3 (1)

එහිදී කිසිවකු බලාපොරොත්තු නොවූ ආකාරයට ඇය අනතුරකට ලක්‌ වෙනවා. ඇයගේ මිතුරු මිතුරියන් වහාම ඇයව රෝහල් ගත කරනවා.

ඇයට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරු, වෛද්‍ය කාර්ය මණ්‌ඩල ඉදිරිපත් වෙනවා. වෛද්‍ය ශිෂ්‍ය සමිතා සමන්මලීට ප්‍රතිකාර කිරීමට විදේශගත කරන්න වෙනවා, යයි වෛද්‍යවරු තීරණය කරනවා.

මෙරට මාධ්‍යය ඇයට උදව්වට එම පුවත ප්‍රචාරය කරනවා. ජනාධිපතිතුමා, ලලිත් කොතලාවල මහතා උපාලි රාජපක්‌ෂ මහතා මෙන්ම මෙරට කලාකරුවන් මාධ්‍යවේදින් (මුද්‍රිත, විද්යුත්) කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් මහත් පරිශ්‍රමයක්‌ දරා සමිතා සමන්මලීව සුවපත් කරගැනීමේ කාර්යයට විවිධ අයුරින් සහය වෙනවා.

විදේශයේදී කළ සැත්කම මගින් සමිතා තරමක්‌ සුවය ලබනවා.

අද ඇය රෝද පුටුවක ඉඳගෙන තම අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. සතුටින් ජීවිතයට මුහුණ දෙනවා.

සුදු කබායක්‌ ඇදගෙන ඇය තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රෝගීන් පරීක්‌ෂා කරනවා. හරිම අපූරුවට ඇය ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙනවා.

මට දැන් මගේ හුගාක්‌ කටයුතු කරගන්න පුළුවන්. මගේ යාළුවෝ මට උදව් කරනවා. අපි ඉගෙන ගන්නේ අවසන් වසරේ. ලබන වසරේ ඔවුන් මගෙන් ඈත් වෙනවා. ඊට පස්‌සේ ඔවුන්ගේ උදව් මට නැතිවෙනවා. මගේ ජීවිතය මේ තරමට ජයගන්න හෝ මාව උනන්දු කළ පිරිසට මම ස්‌තුති වන්ත වෙනවා. නම් වශයෙන් මතක්‌ නොකළත් සියළු දෙනා මගේ හිතේ ජීවත් වෙනවා.

මම කොහොමහරි මගේ විභාගය සමත් වෙනවා. මගේ මුළු ජීවිතයම කැප කරන්නේ මේ රටේ රෝගීන් වෙනුවෙන්. සමිතා සමන්මලි දැඩි සතුටකින් පවසනවා. යම්කිසි අනතුරක්‌ වූ විට ඒක දෛවයට ඉඩදී බලා සිටින වුන්ට වෛද්‍ය ශිෂ්‍ය සමිතා සමන්මලී විශාල අදර්ශයක්‌ නොවන්නේද?

අද ඇගේ නඩුව ජයග්‍රහනය කිරීමත් සමගම ඇය තවත් නිම් තෙරකට පිය මනින්නීය.

එතැනින් එහා ගමනට අපි සුබ පතමු

 

 

 

 

 

 

 

 

 

[vsw id=”/1SN6YDNWMPo” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.