Dinesh:ව්‍යවස්‌ථා සංශෝධනය හදිසියක් නැහැ

dineshආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය හදිසි පනතක්‌ ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙසට මහජන එක්‌සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ආණ්‌ඩුවට අවධාරණය කළේය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ හදිසියේ කලබලයෙන් කළයුතු දෙයක්‌ නොවන බවත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 77, 78, 83, 121, 122 වගන්ති ප්‍රකාරව එය සිදුකරන ලෙසත් 77 වගන්තියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතු ආකාරය සඳහන්ව ඇති බවත් එය උල්ලංඝනය කළ නොහැකි බවත් කියා සිටියේය.

මහජන එක්‌සත් පෙරමුණ විසින් ඊයේ (01 දා) රාජගිරිය සමරින් හෝටලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව අවධාරණය කර සිටියේය.

හදිසි පනතක්‌ ලෙස ඉදිරිපත් කර මහජනතාවට, දේශපාලන පක්‍ෂවලට තිබෙන අයිතිය යටපත් නොකරන ලෙස ද අවධාරණය කළ දිනේෂ් ගුණවර්ධන මහතා, නීති විශාරදයන්ට, සංවිධානවලට, ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කළ හැක්‌කේ පනත පෙනෙන්නට තිබුණොත් පමණක්‌ යෑයි ද කීය. ව්‍යවස්‌ථා සංශෝධනය කිරීමේදී එය මහජනතාවට, දේශපාලන පක්‍ෂවලට හොරෙන් සිදු නොකර ව්‍යවස්‌ථාවේ සඳහන් වගන්ති අනුගමනය කර එම වගන්ති ප්‍රකාරව කටයුතු කරන ලෙස හෙතෙම ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටියේය.

මේ පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මෙතෙක්‌ ඉදිරිපත් කර නැති බවත්, හදිසි පනතක්‌ වශයෙන් ඉදිරිපත් නොකර දින 100 තුළ එය සිදුකිරීමට මේ සතියේ ආරම්භ කළත් කාලය තිබෙන බව ද අවධාරණය කළේය.

ව්‍යවස්‌ථා සංශෝධනයේදී ඡන්ද ක්‍රමයේ වෙනස්‌ කිරීම සර්වපාක්‍ෂික කමිටුවේ වාර්තාව සැලකිල්ලට ගෙන කළ හැකි බැවින් එය කිසි ලෙසකින් කල් දැමිය යුතු නැතැයි ද හෙතෙම පැවසීය.

ව්‍යවස්‌ථා සංශෝධනය ආණ්‌ඩුක්‍රම වගන්ති ප්‍රකාරව සිදුකරන ලෙස ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ලිපි මගින් තම පක්‍ෂය දැනුම් දී ඇති බවත් කීවේය.

මෙම සාකච්ඡාවට සෝමවීර චන්ද්‍රසිරි මහතා ඇතුළු පක්‍ෂයේ නිලධාරීහු කිහිපදෙනෙක්‌ ද එක්‌වූහ.

dinesh says that constitutional reform should be delayed

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.