Lonely Island:කච්චතිව්

 

 

 

 

ලංකාවේ උතුරු මුහුදේ පිහිටි කච්චතිව් දුපතේ ශාන්ත  අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය පසුගියදා පැවැත්වින.

පාළු දූපතක්‌  වු  කච්චතිව් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඉන්දිරා ගාන්ධි මැතිණිය සමග කථා කොට එහි අයිතිය ශ්‍රී ලංකාවට ලබා ගත්තාය.

හොරබඩු ජාවාරම්කාරයන්ගේ ප්‍රධාන තිප්පොලක්‌ව පැවති මේ දුපත ධීවරයින් ගේ ලැගුම් පොලක් ලෙසින්ද භාවිතාවේ.

 

ඩෙල්ෆ්ට්  දිවයිනේ දකුණු කෙලවරේ පහන් කණුව කෙළින් බස්‌නාහිරටත් දකුණටත් මැද්දෙන් හැතැප්ම 15 ක්‌ යාත්‍රා කරන විට අඩි දෙසීයක්‌ උසට තනන ලද නාවික වෙඩි පුහුණුවීමට සකස්‌ කරන ලද “ටාගට්‌” නම් රාමුව දැකිය හැකිය. එහි සිට ඉන්දියාවට ඇත්තේ නාවික හැතැප්ම 7 කි.

 

කච්චතිව් දුපතේ වතුර නැති අතර මිනිස්වාසයක්ද නැත.මේ දුපතේ මංගල්‍ය සඳහා උතුරේ කතෝලික බැතිමතුන් මෙන්ම දකුණු ඉන්දියාවේ කතෝලික බැතිමතුන්ද මෙහි පැමිණෙති.

 

Katch  5

කච්චතීව් දූපත 1974 වසරේදී ශ්‍රී ලංකාවට පවරන ලද අතර ඉන්දීය ධීවරයින්ට ධීවර කටයුතුවල නිරත වීම සඳහා ඓතිහාසික වශයෙන් පැවති අයිතිය තහවුරු කිරීම සඳහා තමිල්නාඩු අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් විය.

කච්ච තිවු අක්කර 285.2ක භූමි ප්‍රමාණයකින් යුතුය.

 

Katch 4

මේ දුපත් මුලින් ඉන්දීය ප්‍රභූවරෙයෙකුට අයත් වූ අතර පසුව එය මදුරාසියේ පාලනයට අයිතිවිය.1920 ගණන් වල පටන් ශ්‍රී ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය පරිපාලකයින් මේ දුපත

සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවටත් හිම්කම් ඇති බව කියා සිටියහ.ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුමට අනුව මේ දුපත යාබද ප්‍රදේශයේ මසුන් ඇල්ලීමේ අයිතිය ඉන්දීය ධීවරයින් සතුය.

 

මේ දුපත බිහිවී ඇත්තේ යමහල් විදාරණයකින්.

දුපත කරා ලඟා වෙන බැතිමතුන්

[vsw id=”/Qh8OeQ-1Wio” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.