19ට ඡන්දය නොදී අමාරුවේ වැටෙන්න එපා -ජනාධිපතිතුමා

2015192232428734_20-453x300 (1)විධායක ජනපති ක්‍රමයේ අත්තනෝමතික බලතල ඉවත් කර ජනතා නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ශීලාචාර හා විනයගරුක රටක් ගොඩ නැගීමට ලැබුණු ඓතිහාසික අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන 19 වැනි සංශෝධනයට සහාය දීම තමන්ට කර ගන්නා ගෞරවයකියි මැති ඇමැතිවරුන්ගෙන් මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉල්ලයි.

ඉතාම ගෞරවයෙන් ඔවුන්ගෙන් එම ඉල්ලීම කරන ජනපති කියනුයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ඡන්දය දී රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ කොටස් කාරයකු වන ලෙසයි.

රජයට දින 100 පිරුණු දිනයේ ජනපති ජාතිය අමතමින් මෙසේ ද කීවේය.

විශේෂයෙන්ම මා ජනාධිපතිවරයා වශයෙන් පත්වී දින 100 ක් ගතවෙන අවස්ථාවේ මා අදහස් කළා   ඔබේ ප්‍රධානතම සේවකයා වශයෙන් ඔබ ඇමතීම වඩාත් සුදුසු බව. පසුගිය ජනවාරි 08 වනදා පැවති ජනාධිපතිවරණයේදී නිකුත් වූ ප්‍රතිඵල මත ජනවාරි 09 වනදා මේ රටේ රාජ්‍ය නායකයා නැත්නම් ජනාධිපති ලෙස දිවුරුම් දිමේ අවස්ථාව ඔබ විසින් මා වෙත ලබා දුන්නා.

එදා සිට මේ දක්වා ගතවූ දින 100 ක කාල සීමාව විශේෂයෙන්ම මේ රටේ ආර්ථීකය පිළිබද, දේශපාලනය, සංවර්ධනය, ජාත්‍යන්තර සම්බන්ධතා මේ සියල්ල ගත්විට අපි නව රජයක් විදිහට නව පියවර රාශියක් තබා තිඛෙන බව සදහන් කරන්න ඕන.

ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාව ඡන්දය පාවිච්චි කර  පැහැදිළිවම කළේ තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියේ පරිවර්තනයක්, විප්ලවයක් කියලයි මම අදහස් කරන්නේ. ඒ  පරිවර්තනය සහ විප්ලවය ලැබු නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය භාවිතය ක්‍රියාත්මක කිරිම, ඊට නැඹුරුවීම මේ කියන කරුණු පදනම් කරගෙන පසුගිය මාස 03 කට ආසන්න කාලයේ කටයුතු කිරිමේදී රටේ ඇතැම් අයගේ හැසිරීම්, ඇතැම් අයගේ දේශපාලන තීන්දු සහ ක්‍රියාකාරිත්වයන් පිළිබෙදව අවධානය යොමු කිරිමේදී මගේ මතකයට එන්නේ ඉතිහාසෙය්  විශේෂයෙන්ම ලෝකයේ ඇතැම් රටවල්වල විප්ලවයක් සිදුවූ අවස්ථාවේදි ඒ විප්ලවයෙන් පසුව ඇතිවන ප්‍රතිවිප්ලවය පිළිබඳවයි.

jjkljlkj;l

ප්‍රති විප්ලවයක් ඇතිවීම

 

 

බොහෝ වෙලාවට අපි දන්නවා විප්ලවයකින් පසුව ප්‍රති විප්ලවයක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක්  . ඒ වගේම තමයි මගේ මතකයේ හැටියට 1990, 91 වගේ කාල පරිච්ඡේද ගත්විට සෝවියට් දේශයේ බිද වැටීම. නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් රාජ්‍යයන්හි බිද වැටීම්   දේශපාලන අන්තවාදය කරා ගොස් තිබූ ඒ පාලනයන්හි පරිවර්තනයක් සිදුවූ විට ජනතාවට ලැබුණු නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳීමේදී යම් කාල සීමාවක් යන තෙක් යම් ප්‍රශ්න සහ අර්බුද මතු වූ බව මගේ මතකයේ තිඛෙනවා. ඒ විතරක් නෙවේ එබ්‍රහම් ලින්කන් වැනි මානවවාදී නායකයෙක් ඇමරිකන් රාජ්‍ය පාලනයේ සිටි කාලය සිහියට එන විට වහල්භාවය අවසන් කිරීම සදහා නීති හදලා නීති ක්‍රියාත්මක කිරීමෙන් පසුව ටික කලක් යන විට වහලූන්ම සමහර අවස්ථාවල කියලා තිබුණා නෑ අපිට වහල් භාවය හොදයි කියලා. ඒ මොකද නිදහස භුක්ති විදිමින් ස්ව ශක්තියෙන් මිනිසෙක් ලෙස ගොඩනැගීමට තිඛෙන අයිතියට වඩා කෙනෙක් යටතේ සේවය කරලා වහලෙක් විදිහට ජීවත්වෙලා තමන්ගේ ජීවිතය ඉස්සරහට ගෙන යන එක ඒ ලැබුණු නිදහසට වඩා හොදයි කියලයි සමහර වහලූන් කල්පනා කළේ.

ඒ නිසා වහල්භාවය අවසන් කර  එය නීතිගත කර වහල්භාවයෙන් ඇමරිකා ජනතාව නිදහස් කිරීමෙන් පසුවත් කෙටි කලක් යන විට ඇතැම් වහලූන් කියා සිටියා නෑ වහල් භාවය හො`දයි කියලා. මේක තමයි මානව සමාජයේ සාමාන්‍ය තත්ත්වය. ඉතින් අපි මේ තත්ත්වය තේරුම් ගැනීම ඉතාම අවශ්‍යයි.

දැන් සමහර අය අහනවා මේ දින 100 දී මොනවද කළේ කියලා. දින 100 දී බොහෝ දේ  කළා. ඇතැම් බොහෝ වටිනා දේවල් භෞතික වශයෙන් ඇහැට පේන අතට හසුවන දේවල් නොවේ.

ජනවාරි 09 වැනිදා මම ජනාධිපතිවරයා විදියට දිවුරුම් දෙන විට ඔබේ මතකයේ ඇති අපේ රට පිළිබද වූ ජාත්‍යන්තර තත්ත්වය. අපි නිසා ජාත්‍යන්තරව බෙදුණා. එක්සත් ජාතින්ගේ සංවිධානය, මානව හිමිකම් කොමිෂන් සභාව, ආරක්ෂක මණ්ඩලය ඔබේ මතකයේ තිබෙනවා ඇතිවුණු සිදුවීම්. නමුත් අපි නිසා බෙදුණු ජාත්‍යන්තරය ජනවාරි 09 වැනිදායින් පසුව මේ රජය බලයට පත් කරන්න ඔබ, මා කෙරෙහි තැබූ විශ්වාසයම ජාත්‍යන්තරය මා කෙරෙහි තබා තිබෙනවා අද මේ රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් මේ රාජ්‍ය නායකයා සහතික කරනවා කියන එක.

පසුගිය කාලය තුළ මම රටවල් කිහිපයකට ගියා ඔබ දන්නවා. මම මුලින්ම ගියේ අසල්වාසි අපේ ළඟම තිඛෙන මිත්‍ර රාජ්‍යයට – ඉන්දියාවට. ඉන් පසුව මම ගියේ පොදු රාජ්‍ය මණ්ඩල දින උත්සවයට බ්‍රිතාන්‍යයට. පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය සැමරීම වගේම ඊට වඩා මට වැදගත් වුණා අපේ රට වෙනුවෙන් බ්‍රිතාන්‍ය අගමැති , විපක්ෂනායක , බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම්, විදේශ ලේකම් ඒ වගේම මහ රැජින හමුවුණා. මම හිතන්නේ බ්‍රිතාන්‍යය විතරක් නෙවේ අපි දිනාගත්තේ. මම විශ්වාස කරනවා යුරෝපා සංගමයත් දිනාගත්තා කියලා.

ඒ වගේම ඔබ දන්නවා මම තුන්වනුව ගියේ චීනයට. අපේ මිත්‍ර රාජ්‍යයක් විදියට අපේ රටේ සංවර්ධනයට විශාල අනුබලයක්, ශක්තියක්, ආයෝජනයක් කරන චීනයට ගිහින් මට පුළුවන්කම ලැබුණා අපි අතරේ මෙතෙක් කල් තිබුනු මිත්‍රත්තවය තව තවත් තහවුරු කර ගන්න.

මම ඊට පස්සේ ගියේ පකිස්තානයට. පාකිස්තානයත් අපේ ඉතාමත් හිතවත් මිත්‍රයෙක්. ඉන්දියාව, චීනය, පාකිස්ථානය, බ්‍රිතාන්‍ය මේ රටවල්වල සංචාරය ජාත්‍යන්තර වශයෙන් අපි මුළු ලෝකයම දිනාගත්තා කියලා මම විශ්වාස කරනවා. අප කෙරෙහි තබා ඇති විශ්වාසය විශේෂයෙන්ම නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩි කැමරන්  , ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි ඒ වගේම පාකිස්ථාන අගමැති නවාස් ෂෙර්ෆ්  , චීන ජනාධිපති ෂි ජින්පින්   මේ රාජ්‍ය නායකයින් අප කෙරෙහි දැක්වූ ලෙන්ගතුබව, සෙනෙහස, මිත්‍රත්වය ඉතාම පුළුල්.

මට මතකයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කාලයේ ජාත්‍යන්තරය මොන තරම් අපිට සමීප වුණාද, අපේ නොබැදි විදේශ ප්‍රතිපත්තිය යටතේ. මගේ ආණ්ඩුව අද පැහැදිළිව මේ රටේ ක්‍රියාත්මක කරන්නේ නොබැදි විදේශ ප්‍රතිපත්තියයි. සියලූ ජාතින් තුළ රාජ්‍යයන් අන්තර්ජාතික සංවිධාන අපේ මිත්‍රත්වය තහවුරු කර ගැනීම. එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා මම ජනාධිපති ලෙස පත්වුණාට පස්සේ මට සුබ පැතු ආකාරය මට මතකයි.

ඒ වගේම මහලේකම්වරයාගේ විශේෂ නියෝජිතයකු පහුගිය කාලයේ අපේ රටට ආවා. ඒ වගේම බටහිර රටවල් ඇතුළු රටවල් ගණනාවක ආසියාකරයේ විදේශ ඇමතිවරු ඒ වගේම රාජ්‍ය තාන්ත්‍රිකයින් විශාල පිරිසක් මේ මාස 03 ට අපේ රටට ඇවිල්ලා මා  හමුවුණා. මේ සියලුදෙනා අප කෙරෙහි විශාල විශ්වාසයක් ඇතිකරගෙන තිඛෙනවා.

ඒ නිසා මම මූලිකවම කියන්න ඕන මේ දින 100 දී මොනවද කළේ කියලා අහන අයට විශේෂයෙන්ම පසුගිය පාලනයෙන් බිද වැටී තිබුණු ජාත්‍යන්තර මිත්‍රත්වය, විශ්වාසය ඉතා ශක්තිමත් ලෙස මට පුළුවන්කම ලැබුණා මගේ ආණ්ඩුව විදියට මේ රටේ ජනතාව වෙනුවෙන් දිනාගන්න. ඒ ලබාගෙන ඇති විශ්වාසය තුළ අප කෙරෙහි ලබා දෙන සහයෝගය රටේ සංවර්ධනයට විශේෂයෙන් භෞතික සම්පත් සංවර්ධනයට, ජාත්‍යන්තර කටයුතුවලට අපි ඉතාමත්ම අගය කරන්න ඕනෑ.

ඉතින් මේ තත්ත්වයන් එක්ක ඔබ දන්නවා ඔබ මා  බලයට පත් කළේ කුමක් ස`දහාද, මට මතකයි පසුගිය ජනවාරි 08 වෙනිදාට කලින් සාමාන්‍යයෙන් අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු එක්ක කථා කළහම කෑ ගහනවා දුරකථනයෙන් කථා කළවිට. එපා කථා කරන්න (දුරකතන) ටැප් කරනවා කියනවා. රාජ්‍ය නිලධාරින් නිදහසේ කථා කළේ නැහැ, දුරකථනයෙන්. රටේ සාමාන්‍ය පොදු මහජනතාව නිදහසේ කථා කළේ නැහැ. ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ පහළ ශ්‍රේණිවල නිලධාරින් දුරකථනයෙන් නිදහසේ කථා කළේ නැහැ. මේ හැම කෙනෙකුටම අඩුම වශයෙන් දුරකථනයෙන් නිදහසේ කථා කරන්න නිදහසක් තිබුණේ නැහැ.

pissek

නිදහස ශක්තිමත්

 

මේ මාස 03 තුළ ඒ නිදහස ශක්තිමත් වෙලා තිඛෙනවා. ඒ වගේම මාධ්‍ය නිදහස. මට මතකයි ජනවාරි 08 වෙනිදාට කලින් මාධ්‍ය අධිකාරින් සහ මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන්ට, ප්‍රවෘත්ති සංස්කාරකවරුන්ට කොහොමද දේශපාලන බලය තියන අය කථා කළේ කියලා.   බලැපෑම්, තර්ජන, මානසික පීඩා තිබුණා අද මාධ්‍ය ඒ සියල්ලෙන් නිදහස්. අපි මේ ලබාදී තිබෙන නිදහස, අපි අර කථාකරන වල්බූරු නිදහසක් කර ගන්නවාද, සමහර මාධ්‍ය ආයතන හැසිරෙන ආකාරය දැක්හම මට පුදුමයි මේ ලැබුණු නිදහස ඇයි වැරදි විදියට පාවිච්චි කරන්නේ කියලා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, මාධ්‍ය නිදහස අපි තහවුරු කළා.

අනෙක් පැත්තෙන් අධිකරණය. ඔබ දන්නවා නීතියේ ආධිපත්‍යය මොන තරම් බිදිලද තිබුණේ. අධිකරණය ගැන විශ්වාසයක් තිබුණද, අල්ලස් හා දූෂණ කොමිසන් සභාව, ශ්‍රේෂ්ඨාධිකරණය මේ සියල්ල රාජ්‍ය පාලකයින්ගේ දුරකථන ඇමතුම්වලට යටත්වෙලා තිබුණේ. ඔබ දන්නවා නොයෙක් ආකාරයේ අපරාධවලට සම්බන්ධ අයට කොහොමද ඒ කාලේ නිදහස ලැබුණේ කියලා. නඩු තීන්දු හම්බවුණේ කොහොමද කියලා. නීතිපතිවරයාට නිදහසක් තිබුණද නීතිපති විදියට තමන්ගේ ඒ කටයුතු කරන්න.

විශේෂයෙන්ම මගේ බලතල යටතේ අගවිනිසුරු  පත් කිරීම, හමුදාපති  පත් කිරීම ඒ අංශවල සිටින සියලූදෙනාගේ පැහැදීමක් තිබෙනවා ඔබ දන්නවා. ජ්‍යෙෂ්ඨත්වය ඒ අවශ්‍ය සියලූ සුදුසුකම්වලින් සමන්විත අය තමයි ඒ තැන්වලට මම පත්කරලා තිඛෙන්නේ. ඒ නිසා අපි නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කර  තිබෙනවා. නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සදහා එය ඉතාමත්ම අත්‍යාවශ්‍යයි. ජාතික ආරක්ෂාව ශක්තිමත් කරලා තියෙනවා.

ආරක්ෂක මණ්ඩලයේදී මම උපදෙස් දුන්නා ත්‍රිවිධ හමුදාවට, පොලිසියට සියලූදෙනාට ජාතික ආරක්ෂාව පිළිබද මට අලූත් වැඩපිළිවෙලක් ඕනෑ බවටථ මෙතෙක් කල් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළට වඩා. දැන් ඒ ගැන කටයුතු කරගෙන යනවා. ඒ නිසා අපට බොහෝ දුර ගමනක් යන්න තිඛෙනවා. මේ ප්‍රවේශයක් විතරයි.

ඒ වගේම විශේෂයෙන් ඔබට මම තවත් යමක් කිව යුතුයි. මේ දින 100 ක කාලසීමාවේ දී ජනාධිපති  විදියට මගේ හැසිරිම පිළිබද. සමහර අයගේ යම් යම් විවේචන තිඛෙනවා. සමහර අය කියනවා මම ශක්තිමත් නැහැ කියලා. සමහර අය කියනවා දුර්වලයි කියලා. සමහර කියනවා නායකයෙක් නෙවේ කියලා. මේ විවේචන

හැබැයි ඒ සියලූ විවේචකයන්ට සහ මගේ ආදරණීය ජනතාවට මම කියන්න ඕන මේ දින 100 කාලයේ මේ අසීමිත බලතල තිබෙන තනතුරේ බලය මම පාවිච්චි නොකළ කෙනෙක්. ඇයි, තමුන්නාන්සේලා මා  පත් කළේ මේ බලය දෙන්න. මම ආවේ ඒ දේ සදහා. විධායක ජනාධිපති ධූරය සතු අසීමිත බලතල ඉවත් කරන්න ආවේ. ඉතින් මේ ගැන නොයෙකුත් විග්‍රහ  තිබෙනවා. මම පැහැදිළිව කියන්න ඕනෑ ඔබට ඉදිරිපත් කළ මගේ මැතිවරණ ප්‍රකාශනයේ ඉතාම පැහැදිළිව කියා තිඛෙනවා විධායක ජනාධිපති  සතු අසීමිත බලතල ඉවත් කිරීම සදහා. දැන් මේ කාරණාවේදී මම මොන තරම් නම්‍යශිලි වුණාද, 1978 ව්‍යවස්ථාව සම්මත වුණ දවසේ සිට මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධයි විධායක ජනාධිපති ක්‍රමයට. ඒ නිසා 1994 ඉඳලා හැම ජනාධිපතිවරණයකදීම අපේක්ෂකයන් තමන්ගේ මැතිවරණ ප්‍රකාශනයට දැම්මා විධායක ජනාධිපති ධූරයේ අසිමිත බලතල ඉවත් කරනවා කියලා. එය කාටවත් කරගන්න පුළුවන් වුණේ නැහැ.

ඒ වගේම තමයි 78 ව්‍යවස්ථාව එක්ක ආපු මනාප ඡන්ද ක්‍රමයට එදා ඉදලම ශී්‍ර ලංකා නිදහස් පක්ෂය විරුද්ධයි. එතකොට මේ දෙකටම වාම ප්‍රගිතිශිලි දේශපාලන පක්ෂ විරුද්ධයි. එක්සත් ජාතික පක්ෂය පළමු වැනි වරට මගේ මතකයේ හැටියට 1999 මේකට විරුද්ධව යෝජනාවක් සම්මත කළා ඔවුන්ගේ සම්මේලනයේදී. 1999 ඉදලා එක්සත් ජාතික පක්ෂය විරුද්ධයි. මේක පොදු මහජනතාව තුළ ඇතිවුණු සංවාදයක්. ඔවුන්ගේ දේශපාලන බුද්ධිය, ප්‍රඥාවන්ත භාවය, ඥානය, දැනුම, අවබෝධය සහ අත්දැකීම් එක්ක. ඒ නිසා එය කළ යුතුමයි. මේ 19 වැනි සංශෝධනය.

මේ රටේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ශිලාචාර සමාජයක් හදන්න, ඒකාධිපතින් බිහිවීම වළක්වන්න, රාජ්‍ය බලය, රාජ්‍ය වත්කම්, අධිකරණය, පාර්ලිමේන්තුව මේ සියල්ල තමන්ගේ තනි බලයට නතුවෙනවා මේ ක්‍රමයෙන්. මෙය වහා වෙනස්කළ යුතුයි. පසුගිය මාස 03 මේ කටයුතුවලදි මම දන්නේ නැහැ ලෝකයේ රාජ්‍ය නායකයෙක් මේ විදහට බලතල තිබෙන තනතුරකට පත්වෙලා ඒ පත්වුණාට පස්සේ තමන්ගේ අතේ තිබෙන මේ බලය දෙන්න මේ තරම් නම්‍යශිලිවුණු කෙනෙක් මම අහලා නැහැ. මම ගැන කථා කරනවා නෙවේ.

රජයේ නීතිපති  ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් කිව්වේ මගේ උපදෙස් අනුව මේ බලතල ඉවත් කරන්න. මගේ පෞද්ගලික ව්‍යවස්ථා සම්බන්ධ උපදේශක  ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කිව්වේ බලතල ඉවත් කරන්න. අපි ඒ පිළිබද දේශපාලන තීන්දුවක් ගත්තා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දුන්නා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුකූලව දැන් අපි කටයුතු කළ යුතු වෙනවා. ඉන් එහාට අපට යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවට මේ 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කිරීමෙන් දැන් පහුගිය දින කිහිපයේ යම් යම් බාධා ඇතිවුණා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන ආදරණීය ගරු මහජන නියෝජිතවරුනි, මැති ඇමතිවරුනි, ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ තමන්ට ලැබුණු ඓතිහාසික අවස්ථාව. මීට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීම ඓතිහාසික වශයෙන් තමන්ට ගෞරවයක් ලැඛෙන දෙයක්. ජනතාවගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ශිලාචාර සමාජයක්, විනයගරුක හික්මීමක් ඇති රටක් ගොඩනගන්න ඒ සියල්ල සදහා මම විශ්වාස කරනවා ඒ සෑම කෙනෙක්ම මේ 19 වන සංශෝධනය සම්මත කර ගැනිම සදහා ඡන්දය පාවිච්චි කරයි කියලා.

මම ඉතාම ගෞරවයෙන් ඒ සියලූදෙනාගෙන් ඉල්ලා සිටිනවා. මේ සදහා ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කර  මේ රටේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න කොටස්කාරයකු වෙන්න කියා.

19 වන සංශෝධනය, ඒවගේම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම දැන් ඊයේ (22) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළා අලූත් මැතිවරණ ක්‍රමයක් පිළිබදව. මේ සදහා කටයුතු කරගෙන යනවා. බලාපොරොත්තු වෙනවා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර  සම්මත කරන්න.

මේ විතරක්ද, අපි ජනතාවට දුන් පොරොන්දු අනුව මේ කාලය තුළ දූෂණ වංචා විමර්ශන ජනාධිපති කොමිසන් සභාවක් පත් කරලා තිඛෙනවා. ඒ කටයුතු මේ වන විට ඉතාම සාර්ථකව කෙරෙනවා.

ඒ වගේම ජාතින් අතර සමගිය, සංහිදියාව, සහජීවනය, මිත්‍රත්වය අපේ රටේ බෞද්ධ, හින්දු, කතෝලික ආගම් වශයෙන්ම වගේම ජාතින් වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් මේ සියලූ දෙනා අතර සංහිදියාව, සමගිය, සහෝදරත්වය ඇති කරලා අවිශ්වාසයක්, සැකයක්, බියක් නැතිව ජීවත්වෙන්න, ලෝකයේ සංවර්ධනය වූ රටවල් ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ඉහළින්ම භූක්ති විදින රටවල් මොනතරම් ඒ රටවල අභ්‍යන්තරයේ විවිධ ජාතින්, විවිධ ආගම්, විවිධ භාෂාවන් කථා කරන අය ඉන්නවාද, අපි බහු ආගමික සමාජයක්. බහු ජාතින් නියෝජනය කරන සමාජයක්. මේ සියල්ලේදීම අපි දැන ගන්න ඕන අපේ සිංහල, බෞද්ධ ජනතාවගේ ඓතිහාසික පදනමත් සම`ග ඒ ගෞරවනීයත්වය සහ වැදගත්කම සමග අනෙකුත් සියලූ ජනකොටස් සම`ග සහෝදරත්වයෙන්, මිත්‍රශිලිව, සහජීවනයෙන් සාධාරණ සමාජ ක්‍රමයක් තුළ සැකයෙන් සහ අවිශ්වාසයෙන් තොරව ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට.

මේ සදහා අපි ප්‍රතිසන්ධානය පිළිබද ජනාධිති කාර්ය සාධක බලකායක් පත් කළා. ජාතින් අතර සහජීවනය සහ සංහිදියාව ගොඩනගන්න. දැන් ඒ ප්‍රතිසන්ධානය පිළිබද ජනාධිපති කාර්ය සාධක බළකාය ඉතා සාර්ථකව කටයුතු කරගෙන යනවා. අපි එතනින් නැවතුණේ නැහැ. ජාතික සමගිය පිළිබද, සංහිදියාව පිළිබද කටයුතු කිරීමේ ලේකම් කාර්යාලයක් අපි අලූතින් ආරම්භ කළා.

මේ රටේ තිඛෙන අභ්‍යන්තර ප්‍රශ්න අපි තේරුම්ගන්න ඕන. මේවා ඔඩුදුවා අවුරුදු 30 ක යුද්ධයක් එක්ක ඇතිවුණු ප්‍රතිඵලය මේ රටේ නැවත යුද්ධයක් නොවන්න අපි කටයුතු කරන්න ඕන. මේ කටයුතු කිරීමේදී ඒ සියලූ ජන කොටස් අතර තිබිය යුතු මිත්‍රත්වය, ඒ වගේම ඉතා කනගාටුවෙන් කියන්න ඕනෑ අපේ දේශපාලන විරුද්ධවාදින් අන්තර්ජාලය හරහා ඇතැම් මාධ්‍ය හරහා කරන ඉතාම අසත්‍ය ප්‍රචාර, උතුරේ හමුදාව අයින් කර  කියනවා. හමුදාව අඩු කර  කියනවා. සාම්පූර්හි එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින්ට ඉඩම් දීලා කියනවා. සුළු ජාතින්ට දෙමළ, මුස්ලිම් ජනතාවට සිංහල ජනතාවට වඩා වැඩි අයිතිවාසිකම් දී  කියනවා. සම්පූර්ණයෙන්ම මේ කථා පතුරුවන්නේ අන්තයට ගිය ජාතිවාදින්. කරුණාකරලා මේ අසත්‍ය ප්‍රචාර ලෝකයට දෙන්න එපා.

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් ඉතාම නොමග යවනවා. නමුත් අපි ඉතා පැහැදිළිව කියන්න ඕනෑ යුද්ධය පැවති වෙලාවේ ආරක්ෂක හමුදාව උතුරු නැගෙනහිර විතරක් නොවේ කොළඹ නගරයේත් පෞද්ගලික ඉඩම් තමන්ගේ භාවිතය සදහා ගත්තා. එතකොට මුල් අයිතිකරුවන්ට ඒ ඉඩම් ලබාදීම වැරැද්දක්ද, ආරක්ෂක හමුදාවට කිසිම බලපෑමක් නොවන විදිහට, ජාතික ආරක්ෂාවට කිසිම ප්‍රශ්නයක් නොවන විදියට ආරක්ෂක කදවුරු කිසිම ආකාරයකින් දුර්වල නොවන විදියට කොළඹ කොටුව ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය වටේ කොච්චර පෞද්ගලික දේපළ නිවාස ආරක්ෂක අංශ යටතේ තිබුණද, ඉතින් ඒවා මුල් අයිතිකරුවන්ට අපි දෙන්නේ නැද්ද, නමුත් මේවා ගැන වැරැදි ප්‍රචාර  තමයි ගෙන යන්නේ.

ඒක නිසා අපි මේ සෑම අංශයක් පිළිබදවම ඉතා පැහැදිළි ප්‍රතිපත්තියක ඉන්නවා ඒ විතරක් නෙවේ. රාජ්‍ය වත්කම් ආපසු ලබා ගැනීමේ විශේෂ ජනාධිපති කාර්ය සාධක බළලකායක් පත් කරලා තිඛෙනවා. අන් සතු කළ රාජ්‍ය වත්කම්, පිට රට බැංකු ගිණුම්වල තැන්පත් කරපු මේ රටට අයිති මුදල් මේවා ආපසු ලබා ගැනීම සදහාම විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවලා තිඛෙනවා. දේශීය වශයෙන් මෙනම ජාත්‍යන්තර වශයෙන් ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබා ගන්නවා ඒ කටයුතු සාර්ථක කර ගැනීමට.

ඒ නිසා මේ සියලූ අංශ පිළිබ`දව ඉතා පැහැදිළි අවබෝධයකින් අපි කටයුතු කරන්නේ කියලා මම කියන්න ඕන. දැන් බලන්න අපේ රටේ සංවර්ධනයේදී මේ රටට වාර්ෂිකව බිලියන් 400 කට (රුපියල් කෝටි 40000ක්) වැඩි ආහාර එනවා පිට රටින්. ඉතින් අපි ස්වයංපෝෂිතද, භෞතික සම්පත් සංවර්ධනය වෙනුවෙන් පාරවල් සහ ගොඩනැගිලි හැදීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසදෙන්නේ නැහැ. දේශීය ආර්ථීකය ශක්තිමත් කරන්න ඕන. අපේ රට කොච්චර ලස්සන පරිසරයක් තිඛෙන සුන්දර රටක්ද, ලෝකයේ උතුම්ම රටක් අපි.

මේ රටේ තිඛෙන ස්වභාවික සම්පත්, කාළගුණය, දේශගුණය අපට ආශිර්වාදයක්. බිලියන් 400 ක වැඩිය ආහාර පිට රටින් ගෙන්න ඕන නැහැ. ඒවා ගැන අපි පැහැදිළි ප්‍රතිපත්තියක ඉන්නවා. දේශීය කෘෂි කර්මාන්තය ගොවියාගේ ආර්ථීකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් වගේම රාජ්‍ය සේවකයා, කම්කරුවා, වැඩ කරන ජනතාව පෞද්ගලික අංශය මේ සියල්ල ශක්තිමත් කිරීම සදහා අවශ්‍ය වැඩපිළිවෙල අපි පියවරෙන් පියවර ගන්නවා.

මේ නිසා මේ සියලූ කටයුතුවලදී මේ සෑම අංශයක් කෙරෙහිම අපි අවධානය යොමු කර  අපි මැතිවරණ ප්‍රකාශනයෙන් කිව්වා වගේ මේ රටේ යහපාලනය ඇති කිරීම සදහා කැපවෙනවා. මේ යහපාලනය ඇතිකිරීමෙන් තුළ ඇතිවන නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය මම කලින් කිව්වා වගේ වැරැදි විදියට භුක්ති විදින්නේ නැතිව රටේ අනාගතය වෙනුවෙන් අද ජීවත්වන ජනතාව වගේම හෙට උපදින දරුවන් වෙනුවෙන් අපි අපේ වගකිම් ඉටු කළයුතුයි.

දූෂණ වංචා අවම කිරීම සදහා සම්පූර්ණයෙන් තුරන් කිරීම සදහා ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. මම අද වනතුරු අල්ලස් හා දුෂණ කොමිසන් සභාවේ කිසිම නිලධාරියෙකුට දුරකථන ඇමතුමක් දී  නැහැ. කිසිම කෙනෙකු ගෙන්නලා මම කථා කරලා නැහැ. අධිකරණයේ කිසිම කෙනෙක් මම පෞද්ගලිකව හමු වී නැහැ. දුරකථන ඇමතුම් දී  නැහැ. මම පෞද්ගලිකව කථා කර  නැහැ. ඒකයි යහ පාලනයක අවශ්‍යතාවය. රාජ්‍ය අංශය ජනතාවට ආදර්ශයක් වෙන්න ඕන.

jaffnayut

නාස්තියට ඉඩ තියන්නේ නැහැ

 

ජනාධිපති ලේකම් කාර්යාලයයේ මම එනකොට සේවක සංඛ්‍යාව 1575 යි. දැන් සේවක සංඛ්‍යාව 600 යි. 1000 කින් අඩු කෙරුවා. අපි ඒ ආදර්ශය අපෙන් දෙනවා.

ඒ නිසා මගේ ආදරණීය ජනතාවට මම ඉතාම ගෞරවයෙන් ප්‍රකාශ කරනවා. මැතිවරණයේදී දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට මම කැපවී සිටිනවා. ඒ වගේම තමයි දූෂණයට, වංචාවට, හොරකමට, නාස්තියට මම කිසි විටක ඉඩ තියන්නේ නැහැ. ඒවා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා විට අර මම කලින් කිව්වා වගේ වහල් නීතිය සම්මත කළ විට ඇමරිකාවේ සමහර වහලූන් නෑ වහලූන් විදියටම ඉන්න එක හොදයි කියලා කිව්වා වගේ මේ දූෂණ වංචා තුරන් කරන්න අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත් විට සමහර අය ජනතාව නොමග යවන්න උත්සහ කරනවා. මම ජනතාව කෙරෙහි විශ්වාස තබා තියනවා. ජනතාව නිවරැදි දේ තෝරා ගන්නා බව මම දන්නවා. රටේ නීතිය වල් වදින්න දෙන්න පුළුවන්කමක් නැහැ. මම තීන්දු ගන්න ඕන තැන තීන්දු ගන්නවා.

විශේෂයෙන්ම ජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් දූෂණ වංචා මේ රටින් තුරන් කිරීම සදහා ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා මා විසින් ගතයුතු, ගතහැකි සෑම පියවරක්ම ගන්නවා. නොබියව. මම මැතිවරණයට ඉදිරිපත් වුණේ ජීවිත පරිත්‍යාගයෙන්. මගේ සහ මගේ දරුවන්ගේ ජීවිත එක්ක මම මහ මුහුදට පැන්නා. මම අදත් එහෙමයි.

ඒ නිසා විශේෂයෙන්ම සදහන් කරන්න ඕන යහපත් ශීලාචාර වැදගත් සමාජයක් ගොඩනගන්න නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න ජනවාරි 08 වනදා ඡන්දයේදී ජනතාවට දුන් මැතිවරණ ප්‍රකාශනයේ පොරොන්දු ඉටු කරන්න ඒ සියල්ල සදහා අද ජීවත්වන ජනතාවට වගේම හෙට උපදින දරුවන් වෙනුවෙන් ඔබ අපි සහෝදරත්වයෙන් මිත්‍රත්වයෙන් අපේ උතුම් මාතෘ භූමිය, අපේ ආදරණීය ජනතාව වෙනුවෙන් ඉදිරියට යමු. සුබවාදීව හිතමු. අලූත් දෙයක් හිතමු. අලූතින් සැළසුම් කරමු. සියල්ල පිළිබද අපේ වගකීම්, වගවීම් ඒ සියල්ල පැහැදිළිව තේරුම් ගනිමු. ඇතැම් වේලාවට වගකීම, වගවීම පැහැදිළිව තේරුම් ගන්නේ නැහැ. දේශපාලඥයා, රාජ්‍ය නිලධාරියා එය පැහැදිළිව තේරුම්ගත යුතුයි. ඒ නිසා ඒ සියල්ලට සමාජය විවෘතයි. නිදහස්. ‘

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.