19 දිනුම කාටද?

සාර්ථකත්වයට පියවරුන් රැසකි. ඒ ලෙසින්ම 19 වන ආණ්ඩු ක්‍රම සංසෝධනය බහුතර ඡන්දයෙන් සම්මත වීමත් සමගම ඊට හිමිකම් කියන  පියවරුන් රැසක්ම පහලවී සිටිති.

පළමු වැන්නා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයි.

 

‘ජනපතිවරයකු ලෙස පත්වූ පුද්ගලයකුට දෙවරකට වඩා තරඟ කළ නොහැකි යැයි වගන්තියක් 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළු කර තිබෙනවා.  මං ඊළඟ පාරත් ඉල්ලනු ඇතැයි සිතා තමයි ඒ වගන්තිය ඇතුළු කර තියෙන්නේ. බයවෙන්න එපා ඊළඟ පාර මං ඉල්ලන්නේ නෑ‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දැදිගම දී පැවසීය.

මේ අනුව 19 පාර්ලිමේන්තුවට ගෙන් ඒමට මුල් වූ සාධකය හිටපු ජනධිපතිවරය යළිත් පාර්ලිමේන්තුවට එතැයි  යන බියයි.

 

 

 

 

 

 

දෙවැන්නා විමල් වීරවංශයි 19ත විරුද්ධව නයෙක් දේ කීවත් ඔහු ඊට ඡන්දය දුන්නේ එය මනා ලෙස සංශෝධනය කල නිසයි.

චම්පික රණවක  තවත් වීරයෙකි.ඔහුටත් මෙය තනට සිතු ලෙස වෙනස් කර ගත හැකි වූ නිසා එය සම්මත කරගත් හැකිවිය එසේ නොකලා  නම් කරන් දේ බලාගත් හැකිව තිබින.

 

අනුර කුමාර දිසානායක තවත් වීරයෙකි.රනිල්ගේ, මෛත්‍රීගේ, මහින්දගේ බල අරගලය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට බාධා කල බව ඔහු කියා සිටී. ජනතා විමුක්ති පෙරමුණු

ආණ්ඩුවක් තිබුනා නම්  සුපිරිසිදු 19ක් නීතිගත කිරීමට ඉඩ තිබින. මේ ඔහු ගේ විග්‍රහයයි.

මීළඟ ජනාධිපති, අගමැති වෙන්නේ කවුදැයි හිතා ව්‍යවස්ථා සංශෝධන හදන්න බැහැ. එජාප නායකයා ක්‍රියා කළේ මීළඟ අගමැති තමන් කියා හතලයි. ශ්‍රීලනිප මෛත්‍රී පිල හා මහින්ද පිල තම තමන්ගේ බලය තහවුරු කර ගන්න මෙම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රයෝජනයට ගත්තා. ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවේ සමුළුවේ විධායක සභාවේ බල පොරයක් තිබෙනවා. එම නිසා 19 මීට වඩා යහපත් සංශෝධනයක් බවට පත් කර ගන්න බැරි වුණා.‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

‘ මෛත්‍රීපාල හිතුවා තමන්ට තිබෙන විධායක බලයෙන් කොටසක් හරි ඉතිරි කරගෙන මහින්ද පිල පරද්දන්න පුළුවන් කියලා. නිමල්, සුසිල්, අනුර යාපා ඒ වෙනුවෙන් පෙනී සිටියා. මහින්ද පිළ හිතුවා මේ පාර්ලිමේන්තුවේ කිසිදු පනතක් සම්මත කිරීමට ඉඩ නොදී පාර්ලිමේන්තුව ආරාජිකයි කියා පෙන්වන්න. එනිසා ඔවුන් පාර්ලිමේන්තුවේ නොනිඳා හෝ නිදාගෙන උපවාස කළා. පාර්ලිමේන්තුව අස්ථාවර රට ස්ථාවර කරන්න මහින්ද ඕනෑ කියා මතයක් හදන්න උත්සාහ කළා. මේ බල පොරය නිසා 19 මීට වඩා යහපත් කරන්න තිබූ අවස්ථාව අහිමි වූණා.‘

රාජිත පවසන පරිදි තරඟයේ වීරයා පොලොනරුවෙන් පැමිණි ගොවි පුතාය.

 

මෙතෙක් පත්වූ සියලු ජනාධිපතිවරුන් ජනාධිපති බලතල ඉවත් කරන බවට බොරු පොරොන්දු දුන් බවත්, රට පාලනයට පෞරුෂයක් නැතැයි චෝදනා එල්ල වූ කෙසඟ සිරුරක් ඇති ගමෙන් ආ ගොවි පුතෙකු එය වෙනස් කළ බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න  කියා සිටී.

නායකයෙකුගේ ප්‍රතාපවත් බව තිබෙන්නේ සිරුරේවත් උඩු රැවුලේවත් නොවන බවත් අමාත්‍යවරයා පැවසුවේය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඊයේ (28) සම්මත වීමත් සමග JR හා MR පරාද වූ බවත්, එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරාගැනීමට 19 වැනි සංශෝධනයට හැකි වූ බව අමාත්‍යවරයා මෙහි ඒ දී ප්‍රකාශ කළේය.

මෛත්‍රීපාල සිරිසේන  යනු බණ්ඩාරනායක අගමැතිවරයාගෙන් පසු මෙරට බිහිවූ ශ්‍රේෂ්ඨතම නායකයා වන බවත් සේනාරත්න මහතා පෙන්වා දුන්නේය.

19 වැනි ව්‍යවස්ථාව සම්මතයෙන් පසු ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම යටතේ ප්‍රථමයෙන් ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම සිදුකිරීමට නියමිත බවත්, මැතිවරණ හා අධිකරණ සේවා කොමිෂන් සභාව හැර අනෙකුත් කොමිෂන් සභා පාර්ලිමේන්තුවට වගකියන ආයතන ලෙස පිහිටුවීමට නියමිත බව ඔහු සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ හට වඩා වාසිදායක තත්වය වුනේ 19  පරාද වීමයි එසේ සිදු වුවා නම් ශ්‍රීලනිපය තවත් බෙදී මැතිවරණ ජය තවත් පහසුවන්නට ඉඩ තිබින එහෙත් ඒ වෙනුවට රනිල් අප්‍රමාණ ලෙසින් නම්‍යශීලී වී පළමු කොට තම ගමන් සගයා වූ  සිරිසේන ජනාධිපතිවරයා රැකගත්තේය.

ඉදිරියේදී මේ රට මෙහයවන ත්‍රි පුද්ගල එකතුව වන්නේ රනිල්-මෛත්‍රී -චන්ද්‍රිකා සන්ධානයයි.එය යහ චේතනාවන් ක්‍රියාත්මක වන හවුලක් විය හැකි බව මීට මාස කීපයකට පෙර කියා සිටියේ මේ රටේ සිටින පුජනීය හිමි නමකි  අන් කිසිවෙක් නොව මල්වතු මහ නා  හිමියන්ය.ජනාධිපතිවරයා රනිල් සහ චන්ද්‍රිකා සමගින් අති පුජ්‍ය තිබ්බොටුවාවේ සුමංගල හිමියන් බහ දැකීමට ගිය විට උන්වහන්සේ පැවසුවේ මේ නායකකින් තිදෙනා කෙටවීම සඳහා බොහෝ බලවේග ක්‍රියාත්මක විය හැකි බවයි.එම බලවේග වලින් ප්‍රවේසම් වන ලෙස උන්වහන්සේ කියා සිටියහ.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.