19 ව්‍යවස්ථාවට පටහැණි නැහැ

 

 

 

download19

 

 

19 වන ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි නොවන බව කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට දන්වා ඇත.

එහි සඳහන් ඇතැම් වගන්නි කිහිපයක් ගැටලු සහගත බවක් පවතින නිසා, ඒවා ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවද කථානායකවරයා දැනුම්දී ඇත.

19 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(1) විධිවිධානවලට අනුකූල බවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 (5) ව්‍යවස්ථාවේ දක්වා ඇති විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කළ යුතු බවටත් කතානායකවරයාගේ නිවේදන ඉදිරිපත් කරමින් අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

එසේම 11 වන වගන්තිය 42 (3), 43 (1), 43 (3), 44 (2) , 44 (3), 44 (5) අනුව්‍යවස්ථා සහ 26 වෙන වගන්තියේ 104 (ආ) සහ 5 (ඈ) අනුව්‍යවස්ථා සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කිරීම අවශ්‍ය බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.

මෙහිදී නැගී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ජනමත විචාරණය උවමනා යැයි කියන වගන්ති සියල්ල මේ සංශෝධන මගින් ඉවත් කරන බවට කාරක සභා අවස්ථාවේ දැනුම් දෙන බව පැවසුවේ යැයි රජයේ නිල පුවත් වෙබ් අඩ‍වියේ සඳහන්වේ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පසුගියදා රජය විමසා තිබූ අතර ඒ අනුව උසාවිය එහි නිර්දේශය කතානායකවරයා වෙත පසුගියදා දැනුම්දී තිබුණි.

ඒ අනූව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ‍ඒ සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනුම් දී ඇත.

අද පස්වරු 1ට පමණ පාර්ලිමේන්තුව රැස්වූ අතර පස්වරු 3ට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

 පාර්ලිමේන්තුව විසුරුවා  හැරේ

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන 20 වනදා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසුවේය.

පොලොන්නරුව පුලතිසි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ අද (09)පැවති උත්සවයකදී ඔහු මේ බව කියා සිටියේය.

මේ අතර එකී ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ රාත්‍රී විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇති බව වාර්තාවේ.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.