19 සමග මැතිවරණ පනතත්

srilanka-election1

අප්‍රේල් 20, 21 දිනවල පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත 19 වැනි ව්ය‍වස්‌ථා සංශෝධන කෙටුම්පත 21 වැනිදා පස්‌වරුවේ සම්මත කර ගැනීමට පක්ෂ  නායකයන් විසින් තීරණය කර තිබුණ ද එය තවත් දින කිහිපයකින් කල් යැමට ඉඩ ඇතැයි ආණ්‌ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

මෙයට හේතු වී ඇත්තේ නව මැතිවරණ ක්‍රමය ඇතුළත් විසිවැනි  සංශෝධනය ද දහනව වැනි සංශෝධනය සමග එකට සම්මත කරගත යුතු බවට ශ්‍රීලනිප විසින් ඉල්ලා සිටීම නිසා බව දැනගන්නට ඇත.

පසුගිය බදාදා ශ්රීමල.නි.ප. සභාපති ජනාධිපති මෛත්රීයපාල සිරිසේන මහතා ශ්රීනල.නි.ප. නායකයන් පිරිසක්‌ හමුවී දහනවවැනි ව්ය්වස්‌ථා සංශෝධනය සම්මත කර ගැනීමට සහාය ඉල්ලා තිබේ. එහිදී ඔවුන් පවසා තිබෙන්නේ නව මැතිවරණ ක්රරමයක්‌ ඇතුළත් විසිවැනි සංශෝධනය ද දහනව වැනි සංශෝධනය සමග ඉදිරිපත් කළ යුතු බවයි.

ජනාධිපතිවරයාද එම අදහස පිළිගත් බව වාර්තාවී ඇත.

download19

 

මැතිවරණ ක්‍රම කෙටුම්පත

මේ අනුව නව මැතිවරණ ක්‍රමයක්  කෙටුම්පත් කිරීම සඳහා නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගෙන් යුත් කොමිටියක්‌ ද මෙහිදී පත්කර ඇත.

මෙම කොමිටිය මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය  මහතා සහ විපක්ෂ යේ පක්ෂ නායකයන් ගණනාවක්‌ සමග ද පසුගිය සතියේ සාකච්ඡා පවත්වා තිබේ.

ඒ අනුව එම කොමිටිය මගින් කෙටුම්පත් කරන නව මැතිවරණ ක්රරමය ඇතුළත් විසිවන සංශෝධනය කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කොට එහි අනුමැතිය ලබා ගැනීමෙන් පසු නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කෙරේ. එහිදී සකස්‌ කෙරෙන නව කෙටුම්පත යළි කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කොට අනුමත කරගැනීමෙන් පසු පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට  ඇතුළත් කරන අතර අනතුරුව පාර්ලිමේන්තුවේ විවාද කොට සම්මත කරගනු ඇතැයි එම ඇමැතිවරයා කීය.

මෙය හදිසි කෙටුම්පතක්‌ ලෙස පාර්ලිමේන්තුවට ගෙන එන අතර ඒ වනවිට විවාදය කල්තබා ඇති දහනව වන සංශෝධනය සමග එදිනම සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා තවදුරටත් පැවසීය.

මේ පිළිබඳව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ දහනව වැනි සංශෝධන පනත් කෙටුම්පත සුළු සුළු සංශෝධනය සහිතව සම්මත කිරීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සහාය දෙන බවයි. ඒ සමඟම විසිවන සංශෝධනය ද සම්මත කරගත යුතු බවද ඒ මහතා කීය.

ජාතික හෙළ උරුමය ලේකම් පාඨලී චම්පික රණවක මහතා දහනව වැනි සංශෝධනය සමඟ නව මැතිවරණ ක්රරමය ඇතුළත් විසිවන සංශෝධනයද ඉදිරිපත් කොට සම්මත කරගත යුතු බවත් ඒ සඳහා තම පක්ෂවයේ සහාය දෙන බව කියා සිටී.

නව මැතිවරණ ක්රේමය අනුව ඡන්ද කොට්‌ඨාස බෙදා වෙන් කිරීමට මාස දෙකක පමණ කාලයක්‌ ගත වන බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය  මහතා පවසා තිබේ. මේ අනුව නව මැතිවරණ ක්‍රමය යටතේ මීළඟ මැතිවරණ පවත්වන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තවත් මාස තුනකින් පමණ කල් යැමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.