19 සම්මතයි

තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් 19 වැනි ආණ්ඩු ක්‍රම සංසෝධනය සම්මත වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනෙක් අතුරින් ඊට එරහිව ඡන්දය දුන්නේ සරත් වීරසේකර මන්ත්‍රීවරයා පමණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමයේ රතන හිමි හා පාඨලී චම්පික රණවක, සන්ධාන හවුල්කරුවන් වන විමල් වීරවංශ, ලංකා සමසමාජ පක්ෂය, වාසුදේව නානායක්කාර මහතාගේ පක්ෂය පනතට පක්ෂව ඡන්දය දුන්හ.

හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂද පක්ෂව ඡන්දය දුන්නේය. එහෙත් බැසිල් රාජපක්ෂ ඡන්දය දීමට පැමිණ නොසිටියේය. ශ්‍රී ලංකා නිද.හස් පක්ෂයේ සරත් වීරසේකර විරුද්ධ විය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අජිත් කුමාර ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ජනතා ජයග්‍රහණය

මෙය මෑත කාලයේ ජනතාව ලැබූ ප්‍රබලතම ජයග්‍රහණයකි.ඒ සඳහා ජනාධිපතිතුමා,අගමැතිතුමා සහ අතුරලියේ රතන ස්වාමින්වහන්සේ දැරූ කැපවීම අගය කල යුතුය.

මේ සමගම මහින්ද රාජපක්ෂ ගේ අවස්ථාවාදී දේශපාලනයේ අවසානයද සනිටුහන් වෙයි.

දැන් පොරොන්දුවූ යහපාලනය සඳහා වූ  පාර්ලිමේන්තුව පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනාධිපතිවරයාගේ වගකීමයි.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.