පානදුර නගර සභාවේ ගුටිකෙළි

පානදුර නගර සභාවේ පරිපාලන නිලධාරීන් සහ නාගරික මන්ත්‍රීවරුන් අතර ගැටුමක් ඇති විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ගැටුමෙන් පරිපාලන නිලධාරීන් දෙදෙනෙකු සහ නාගරික මන්ත්‍රීවරයෙකු තුවාල ලබා ඇති බව ය.

ඔවුන් කළුතර නාගොඩ හා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

පානදුර නගර සභා ගුටි කෙළියේ දර්ශන

 

පානදුර නගර සභාවේ ලේකම්වරිය ඉවත් කිරීම සඳහා යෝජනාවක් ගෙන ඒමට සූදානම් වූ අවස්ථාවේදී දෙපාර්ශවය අතර මෙම ගැටුම හට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.